උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරු ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකු නොකළ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන්නේ බෙදුම්වාදීන්ගේ බලපෑමට යටත් වීම නිසා බවට ජාතික සංවිධාන චෝදනා කරයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් බෙදුම්වාදීන්ට එරෙහිව ක්‍රියා කිරීම පිළිබඳව ඇයට එරෙහිව ප්‍රබල විරෝධයක් පළ වූ බව රහසක් නොවන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ සෙන්දිල් තොණ්ඩමන් පත් කිරීම යනු ගෝපාල් බග්ලේ ආණ්ඩුකාර ධූරයට පත් කිරීම වැනි ක්‍රියාවක් බවය. හිටපු ආණ්ඩුකාරවරිය චීන රජයේ ආධාර ලබා ගනිමින් නැගෙනහිර සංවර්ධනයට නව සැලසුමක් සකස් කිරීම නිසා ඇය ඉන්දියාවේ උදහසට ලක් වූ බව ද ඔහු කියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...