ගොවීන් අතර සහන මිලට බෙදාහැරීම සඳහා මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් බාල යූරියා පොහොර මෙට්‍රික් ටොන් 5000ක් කෘෂිකර්ම අමාත්‍යංශයේ විශේෂ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (16) සොයාගෙන ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම් විසින් මෙම පොහොර තොගය රට පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බෙදාහැරීම සඳහා සූදානම්කර තිබි ඇත. අදාළ පොහොර තොගය තත්ත්ව පරීක්ෂාවට ලක්කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායමක් මෙම පොහොර තොගය තත්ත්වයෙන් බාල බවට හඳුනාගෙන ඇත. ඉන්පසු ඔවුන් අදාළ පොහොර පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කරන ලද රහසිගත දැනුම්දීමකින් පසු අමාත්‍යවරයා විසින් පොහොර තොගය බෙදාහැරීම වහාම නතර කිරීමට උපදෙස් දී තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේද නිර්දේශ මත මෙම බාලපොහොර තොගය මෙරට ආනයනය කර ඇති අතර මෙහිදී අදාළ ප්‍රසම්පාදන කමිටුවේ ප්‍රධානීන් වෙත රුපියල් මිලියන 228ක පමණ කොමිස් මුදලක්ද
පොහොර තොග සැපයුම්කාර විදේශීය සමාගම විසින් ලබාදී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරංචිමාර්ග පැවැසීය.පොහොර ටෙන්ඩරයට අවසරදීම වෙනුවෙන් පොහොර තොගය සැපයුම්කාර විදේශීය සමාගම විසින් අදාළ කොමිස් මුදල ලබාදී ඇති බවද එම ආරංචිමාර්ග පැවැසීය.
අදාළ පොහොර මෙට්‍රික්ටොන් පන්දහස මාසයක කාලයක් සඳහා ගොවීන්ගේ අවශ්‍යතාවට සෑහෙන බවත් මෙවැනි තවත් පොහොර තොගයක් ඉදිරියේදී ලබාගැනීමට සූදානමින් සිට ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ පිළිබඳව පැවැත්වූ මූලික විමර්ශනයකදී අනාවරණය වී තිබේ. වසරකට යූරියා මෙට්‍රික්ටොන් 285000ක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ. මීට පෙර අවස්ථාවලදීද මෙවැනි තත්ත්වයෙන් බාල යූරියා පොහොර මෙරටට ආනයනය කර තිබේදැයි සොයා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාඵංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...