දකුණු කොරියාව සහ ජපානය සමඟ වොෂින්ටනය සිදු කිරීමට නියමිත ඒකාබද්ධ මිලිටරි අභ්‍යාසය, කලාපය සන්නද්ධ ගැටුමකට සමීප කරමින් සිටින බව උතුරු කොරියාව අද (19 ) ප්‍රකාශ කළේය. එක්සත් ජනපදය සහ සෝල් පරිපාලනය ඔවුන්ගේ විශාලතම අභ්‍යාස පැවැත්වීමට සූදානම් වෙමින් සිටින අවස්ථාවක මෙම අනතුරු ඇඟවීම කරතිබේ.
උතුරු කොරියානු රජය විසින් මෙහෙයවන ලද කොරියානු මධ්‍යම ප්‍රවෘත්ති ඒජන්සිය (KCNA ) කියා සිටියේ, කොරියානු අර්ධද්වීපයේ තත්වය “පිපිරීමේ අද්දර” පවතින බවත් එක්සත් ජනපදය ප්‍රමුඛ යුද ක්‍රීඩා “වඩා වෙස්වළා නොගත් සහ භයානක ස්වභාවයක්” ගන්නා බවත්ය.
“යුධ වාතාවරණයක්” අනුකරණය කිරීමට සැලසුම් කර ඇති අභ්‍යාසය උතුරු කොරියාව ඇගේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන බව ඒජන්සිය පවසයි. උතුරු කොරියානු මූලෝපායික අවි ගබඩාව ගැන සඳහන් කරමින් KCNA පැවසුවේ, “න්‍යෂ්ටික බලයක් ‘විනාශ කිරීම’ සඳහා වන අභ්‍යාසය හුදෙක් අත්තනෝමතික ක්‍රියාවක් පමණක් බවද අවධාරණය කළේය.
“පවත්නා බරපතල තත්ත්වය සහ අනාගත තර්ජන සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා වඩා බලවත් ආත්මාරක්ෂක මාධ්‍යයන්ගෙන් සන්නද්ධ වීම ස්වෛරී රටක නීත්‍යානුකූල අයිතියකි.” යනුවෙන් පවසන උතුරු කොරියානු පාලනය වොෂින්ටනය සහ සෝල් “අනුරූපී ප්‍රතිචාරවලට මුහුණ දෙනු ඇතැයි” අනතුරු ඇඟවූ බවද පුවත් ඒජන්සිය පැවසීය.
ලබන සතියේ, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඔවුන්ගේ සන්ධානයේ 70 වන සංවත්සරය සහ දකුණු කොරියාවේ සන්නද්ධ හමුදාවන්ගේ 75 වන සංවත්සරය සනිටුහන් කිරීම සඳහා ඔවුන්ගේ විශාලතම ඒකාබද්ධ සජීවී-වෙඩි අභ්‍යාසය දියත් කිරීමට නියමිතය. අදියර පහකට බෙදා ඇති මෙම අභ්‍යාසය මැයි 25 සහ ජූනි 15 අතර සිදුවනු ඇත. එයට F-35A ප්‍රහාරක ජෙට් යානා සහ AH-64 ඇපචෙ ප්‍රහාරක හෙලිකොප්ටර් මෙන්ම යුද ටැංකි සහ බහු රොකට් විදින යන්ත්‍ර ඇතුළත් වන බව සෝල් හි ප්‍රවෘත්ති ඒජන්සිය වන යොන්හැප් පවසයි. .
එක්සත් ජනපදය අවධාරනය කරන්නේ, අනාගතයේ සිදුවීමට නියමිත උතුරු කොරියානු ප්‍රහාරයකින් තම සහචරයා ආරක්ෂා කිරීමට වොෂින්ටනයේ කැපවීම එවැනි අභ්‍යාස මගින් පෙන්නුම් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...