රුසියාවට එරෙහි අපේක්ෂිත ප්‍රතිප්‍රහාරයේදී යුක්‍රේනයට විශාල පාඩු සිදුවිය හැකි බව එක්සත් රාජධානියේ කියෙව් තානාපති වඩීම් ප්‍රිස්ටයිකෝ ඊයේ (18 ) අනතුරු ඇඟවීය.
බ්‍රිතාන්‍ය රූපවාහිනී විකාශන ආයතනයක් වන ITV සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් රාජධානියේ කියෙව් තානාපති වඩීම් ප්‍රිස්ටයිකෝ පැවසුවේ “එය ඉතා භයානක ගිම්හානයක් විය හැකියි. ගෙවීමට තිබෙන මිල අතිශය භයානක බවත් මම දන්නවා.” යනුවෙනි.
කියෙව් පරිපාලනයේ බටහිර ආධාරකරුවන් යුක්‍රේනය මත “අධික පීඩනයක්” ගොඩ ගසා ඇති අතර “වසන්ත ප්‍රහාරය” සම්බන්ධයෙන් “ඕනෑවට වඩා බලාපොරොත්තු” ගොඩනගා ඇති බවද ප්‍රිස්ටයිකෝ අනාවරණය කළේය.
යුක්රේනය ගැටුමේදි සිදුවූ පාඩු හෙළි නොකිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පවත්වා ගෙන යන්නේ මන්දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් ප්‍රිස්ටයිකෝ පවසා සිටියේ “අභ්‍යන්තරව, අපෙන් කී දෙනෙක් දැනටමත් මරා දමා හෝ අතුරුදන් වී ඇත්ද යන්න අපට අවබෝධයක් තියෙනවා.” යනුවෙනි.
“අපට වඩා 16 ගුණයක් විශාල ජාතියක් සමඟ සටන් කිරීම අතිශයින් දුෂ්කර බව අපි තේරුම් ගෙන තිබෙනවා.” ප්‍රිස්ටයිකෝ පැවසීය. “නමුත් අපි ප්‍රහාර එල්ල කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. එය කෙතරම් වේදනාකාරීදැයි අපි රුසියානුවන්ට කියන්නට යන්නේ නැහැ. ඔවුන් අපට විඳින්නට සිදුවන වේදනාව සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටින අතරම එම වේදනාව සම්බන්ධයෙන් අපටද අවබෝධයක් තිබෙනවා.”
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය කියෙව්ගේ වඩාත්ම සමීප ආධාරකරුවා ලෙස මතු වී ඇති බවත් එක්සත් ජනපදයේ අනුප්‍රාප්තිකයා යුක්‍රේනයට උදව් කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බව යුක්රේන තානාපතිවරයා පිළිගත්තේය.
“ප්‍රජාතන්ත්‍රවාදයේ එක් දුර්වලතාවක් වන්නේ චක්‍රීය ස්වභාවයයි. අපට ඇත්තේද එයමය. දේශපාලනයේ දී අප මෙම චක්‍රය සැලකිල්ලට ගත යුතුය,” ඔහු අවධාරණය කළේය.
“අපට එතරම් විශාල සහයෝගයක් නොලැබෙන කාලයක් ඉදිරියේදී පැමිණිය හැකි බව අපට වැටහෙනවා. ඒ නිසා අපි දැන් සියලු පීඩනයන් යෙදිය යුතුයි” ප්‍රිස්ටයිකෝ පැවසීය. “ඒනිසයි අපි අපේ මිතුරන්ගෙන් සියලු දෙනාම එක මේසයකට රැගෙන හැකිදැයි කියා විමසනවා. මෙවර තීරණාත්මක ජවයක් ලබා ගැනීමට අපට ඉඩ දෙන ලෙස අපේ මිතුරන්ගෙන් ඉලා සිටිනවා.”
කියෙව් පරිපාලනය විසින් තමන්ට අයත් යැයි සලකන ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම සඳහා මාස කිහිපයක් තිස්සේ යුක්රේනය රුසියාවට එරෙහි ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටින නමුත් සමහර නිලධාරීන් පතොරම් නොමැතිකම , ආයුධ නොමැතිකම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් සම්බන්යෙන් පවා මැසිවිලි නැගීමට කටයුතු කරමින් සිටිති.
පසුගිය සතියේ යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ තම රට ප්‍රහාර දියත් කිරීම සඳහා මූලික වශයෙන් “සූදානම්” නමුත් බටහිර ආයුධ ලැබෙන තෙක් බලා සිටින බැවින් “තවත් තව ටිකක් කාලයක් ඒ සඳහා අවශ්‍ය” බවයි.
පසුගිය මාසයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කළේ, යුක්රේන ප්‍රතිප්‍රහාරය සාර්ථක වනු ඇති බවට සහතිකයක් නොමැති බවත් සාමය සඳහා සාකච්ඡා කිරීමට කියෙව්ගේ ආධාරකරුවන්ට බලපෑම් කිරීමට ඉඩ ඇති බවත් ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...