මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් අක්කර 20,000කට අධික ප්‍රමාණයක් ඉන්දියාවට විකිණීමේ රජයේ සුදානමක් පිළිබදව පසුගිය දිනවල වාර්තා විය. මත්තල ගුවන්තොටුපල සහ හම්බන්තොට ප්‍රදේශයේ මෙම ඉඩම් මිලට ගැනීමට ඉන්දියාව සියල්ල සුදානම් යැයිද ශ්‍රී ලංකා රජය සමග ඔවුන් සාකච්ඡා සිදු කර අවසන් තීරණ සදහා එලඹ තිබෙන බවටද වාර්තා පළවිය.
ශ්‍රී ලංකාව සතු වටිනා ඉඩම් සහ ගුවන්තොටුපලක් මෙලෙසින් විදෙස් රටකට ලබා දීම බොහො දෙනාගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ. මේ පිළිබදව සමාජජාලා මාධ්‍යයන්හි පළව තිබුනේ මෙලෙසින් ශ්‍රී ලංකාවේ වටිනා භූමිය ඉන්දියාවට විකිණූ පසූ ශ්‍රී ලංකාව නොබො කලකින්ම ඉන්දියානු කොලනියක් බවට පත්විය හැකි බවය.
මේ අතර රටට බත සපයමින් ගොවිතැනෙන් සිය ජීවිකාව සරි කර ගන්නා හම්බන්තොට ප්‍රදේශයේ ගොවියෙකු රජය විසින් මෙලෙසින් ඉන්දියාවට විකුණන්නේ සිය සින්නක්කර ඉඩම් බව, පවසා සිටියේ ලංකා ලීඩ් නිව්ස් අප සමග කළ කතා බහක් අතර තුරය.
වර්තමානයේ හම්බන්තොට මුහුදු තීරය ශ්‍රී ලාංකිකයන්ටත් තහනම් කලාපයක් කර ගනිමින් චීනය පාලනය කරන බවත්, හම්බන්තොට ගුවන්තොටුපල සහ ඉඩම් මෙලෙසින් ඉන්දියාවට විකිණීම කෙසේ හෝ නැවතිය යුතු බවත් පැවසූ ඔහු ඉන්දියන් කාරයෝ රුපියල් 600ට, බත් පැකට් එකට, වැඩකිරීමට පැමිණෙන විට අපි ජීවත් වෙන්නේ කොහොමද? යන පැනය අප වෙත කොමු කර සිටියේය.
එම සංවේදී වීඩියෝව පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...