පුරවැසි කොලම

ගෝඨාභය රාජපක්ෂව හිරේ දමා ආණ්ඩුවට එරෙහිව එන ජනරැල්ල මර්දනය කිරීම යහපාලන ආණ්ඩුව සිය අවසාන තුරුම්පුව ලෙස භාවිතා කරාවි කියන අදහස කිසිසේත්ම බැහැර කරන්න බෑ. ඒ හැර උන්ට යන්න වෙන අතකුත් නෑ. ඒ වගේම මේ උත්සහයට ප්‍රථම ශ්‍රී ලංකාවේ වැඩිම තනි ඡන්ද සංඛ්‍යාවකට හිමිකම් කියන පක්ෂයේ ‘ජනාධිපතිවරණ අපේක්ෂකයා’ ලෙස ගෝඨාභය රාජපක්ෂව නම් කරොත්. ඒක ආණ්ඩුව ගැනීමට ඉඩ ඇති එම නින්දිත උත්සහය පරාජය කරන්න පිටුවහලක් වෙනවා කියන එක තේරුම් ගන්නටත් රොකට් සයන්ස් ඕනැ නෑ..

‘හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාරයට.’ කියන සිරස්තලයට වඩා. ‘.විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රක්ෂිත බන්ධනාගාරයට.’ කියන සිරස්තලය ආණ්ඩුවට ඉතා අවාසියි. ලෝකෙ නමට හරි ප්‍රජාතන්ත්‍රවාදී කිසි රටකට රෙද්දක් ඇදන් ඒ නිවුස් එකට එලිපිට ‘වෙල්කම්’ කියන්න බෑ වගේම ආණ්ඩුවේ එම නිවට උත්සහයට විරුද්ධව කොළඹ බටහිර තානාපති කාර්යාලවලට යටපත් කරන්න බැරි ජාත්‍යන්තර විරෝදයක් ගොඩ නැංවීමත් මහින්ද රාජපක්ෂට අසීරු දෙයක් නෙවෙයි. ඒ වගේම ඥාණසාර හාමුදුරුවො හිරේ යවපු වෙලාවෙ ආණ්ඩුවට ආපු දැඩි විරෝධය වගේ අඩුම ගානෙ දහ ගුණයක් ප්‍රබල වගේම ආණ්ඩුවට දරන්න අමාරු දැඩි මහජන විරෝධයක් ගොඩනැගෙන එකත් වලක්වන්න බෑ. ජනාධිපතිවරණය පෙනෙන තෙක් මානයේ විපක්ෂෙ එකාට එහෙම ෆුල්ටොස් එකක් විය හැකි බෝලයක් දාන්න ආණ්ඩුවට උනත් දෙපාරක් හිතන්න වෙනවා.

ගෝඨාභය ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස දැන්ම නම් කරොත් ඔහුව හිර කරාවිය කියන ‘දේශපාලන විහිළුව’ කරන අය කියන දේ සැබෑ වෙනවා ඒක කියන එයාලයි, ඒක අහලා රැවටිලා බලන් ඉන්න ආණ්ඩුවයි, එලෙසම රැවටිලා ඉන්න බටහිර ජාත්‍යන්තරෙයි, අපියි හැමෝම කුක්කු බබාලා නම්.

තමන් අටවපු යහපාලන මැස්සට එකම අභියෝගය වන කඳවුරේ මහින්ද රාජපක්ෂට පසු දෙවන අභියෝගය ගෝඨාභය රාජපක්ෂ වන බව නොවැටහෙන ජාත්‍යන්තර බූරුවො දැන් මේ ලෝකෙ නම් නෑ. උනුත් ආශාවෙන් කඩුව මැද මැද ඉන්නෙ සතුරා ‘දුබල අවස්තාවේම’ ඉවර කරන්න. සතුරා ‘ප්‍රබල වෙන එක’ කල් දමනතාක් උනුත් කැමතියි. දැන් වෙමින් තියෙන්නෙ උන්ගෙ කැමැත්තද කියන එක තමයි මටත් මේ තියෙන ප්‍රශ්ණෙ.??

තමන්ගෙ ස්ටේජ් එකේම තමන්ගෙම පොටෝ එක ලොකුවට ගහ ගෙන නැති ජනබලයක් බලෙන් හදන් පිම්බෙන්න දගලන සමහරු තවම හරිහැටි වේදිකාවක් නැතුව ඉන්න ‘මිනිස්සු ඉල්ලන මිනිහව’ විදුරු කුටියක හිර කරන් ‘අරුන්ට නොපෙන්වා ඉන්න’ ගහන බයිලා දැක්කම තනි ඇහැට ඇඬෙන්නෙ ඒකයි.

විශ්ව චින්තන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More