ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් ඇති බවත්, ඇතැම් ප්‍රදේශ වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත.
මෙසේ නිව් යෝර්ක් නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර සහ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇතැයි අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.
පර්යේෂකයන් තවත් නගර 99 ක දත්ත අධ්‍යනය කර ඇති අතර එහිදී මෙය නිව් යෝර්ක් නගරය පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවන බව අනාවරණය වී ඇත. ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතාමත් වේගයෙන් ගිලා බසින බවත් ඒ හේතුවෙන් වෙනත් ස්ථානයක නව අග නගරයක් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.
අධ්‍යනය සිදුකල කණ්ඩායම නිව් යෝර්ක් නගරය පුරාවට ඇති ගොඩනැගිලි 1,084,954 හි ස්කන්ධය මැන බලා ඇති අතර ඒ අනුව නිව් යෝර්ක් නගරය පුරාවට ඇති ගොඩනැගිලි වල සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් බිලියන 762 ක් බව නිගමනය කර තිබේ.
එම බර සම්පූර්ණයෙන් බර පැටවූ බෝයින්ග් 747-400එස් ගුවන් යානා මිලියන 1.9 ක බරකට ආසන්න වන බවද පැවැසෙයි.එසේම නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම ගෝලීය මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා දෙගුණයකින් ඉහළ යන බවත් 2050 වසර වන විට නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම අඟල් 8 ත් 30 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවත් පර්යේෂකයන් පවසා ඇත.
නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම දෙගුණයකින් ඉහළ යාමත් වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් නිව් යෝර්ක් නගරය ගිලා බැසීමත් හේතුවෙන් අනාගතයේදී නිව් යෝර්ක් නගරයට දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ.
(රොයිටර්)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...