දේශපාලන කටයුතු පිළිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඊයේ (25) කියෙව් න්ගරයේ දේශන ශාලාවකට රැස්ව සිටි පිරිස් අමතමින් කියා සිටියේ රුසියාවට එරෙහිව යුක්රේනය එල්ල කරන ‘ප්‍රතිප්‍රහාර’ සැලසුම් කිරීමට වොෂින්ටනය මාස හයකට ආසන්න කාලයක් තිස්සේ උදව් උපකාර කරමින් සිටින බවයි.
“ යුක්රේන බලධාරින් රුසියාවට එරෙහිව එල්ල කරන ප්‍රතිප්‍රහාරයන් සම්බන්ධව සැලසුම් වලට මේ වන විට මාස 4ක් 5ක් තිස්සේ අපි අපගේ සහයෝගය ලබාදෙමින් සිටිනවා. අපි දැනටමත් යුක්රේන රජය සමඟ සහ කියෙව්හි සිටින අපගේ සිවිල් මිතුරන් සමඟ මෙන්ම යුක්රේනයේ හමුදා පාර්ශවයන් සමඟ යුක්රේනයේ දිගුකාලීන අනාගතය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගනිමින් සිටිනවා.” නූලන්ඩ් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වීඩියෝ සබැඳියාව ඔස්සේ සම්බන්ධ වෙමින් කියෙව්හි ආරක්ෂක සංසදයට පැවසීය.
ජූලි 11 දින ලිතුවේනියාවේදි පැවැත්වීමට නියමිත නේටෝ සමුළුව වැනි සිදුවීම් සමඟ යුක්රේන ප්‍රති ප්රහාරයන් “සමගාමීව ආරම්භ වී ඉදිරියට යාමට” ඉඩ ඇති බවද ඇය අවධාරණය කළාය.
නුලන්ඩ්ට අනුව, යුක්රේනයේ අනාගත හමුදාව රුසියාවට දැඩි බාධාකිරීම් ඇති කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමට එක්සත් ජනපදය උපකාර කරනු ලබන්නේය. එබැවින් “මෙය වසරක්, වසර හයක්, අවුරුදු 16 ක් ගතවී කොතැනකදී කෙසේ අවසන් වුවද අපි මෙවැනි යුද්ධයක් නැවත ඇති කිරීමට ඉඩ නොතබමු.” ලෙස පැවසූ ඇය, ඇයගේ දේශනය තුළ යුක්රේනය “යුරෝපයේ පුනර්ජීවනයේ එන්ජිම” මෙන්ම “මුළු ලෝකයටම ප්රජාතන්ත්රවාදී ආදර්ශය තබන” අනාගතයක් නිර්මානය කරන ආදර්ශය සම්බන්ධයෙන් “රෝස පැහැති චිත්‍රයක්” සහභාගි වූවන් හමුවේ පින්තාරු කිරීමටද කටයුතු කළාය.
මෙම හමුව සංවිධානය කරන ලද්දේ නුලන්ඩ් අදහස් දැක්වූ සාකච්ඡා මණ්ඩපය මෙහෙය වූ හිටපු යුක්රේන අගමැති ආර්සෙනි යට්සෙනියුක් විසින් පිහිටුවන ලද විවෘත යුක්රේන පදනම විසිනි. එලෙසම එවැනිම සංවිධානයක් වූ අත්ලාන්තික් කවුන්සිලය විසින් සම-අනුග්‍රහය දක්වන ලද්දේය. එම සංවිධානයේ නිලධාරීන් අදහස් දක්වමින් පවසා සිටියේ “අත්ලාන්තික් සාගරයේ එකමුතුව සහ ලබාදෙන ශක්තිමත් සහයෝගය යුක්රේනය රුසියාව පරාජය කිරීමට සහ යුරෝපීය ආරක්ෂාව අලුත් කිරීමට උපකාර කළ හැකි” බවයි.
කියෙව්හි ආණ්ඩුව මාස ගනනාවක් තිස්සේ විශාල “ප්‍රතිප්‍රහාරයක්” සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් සිටියේය. කෙසේ වුවද ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සහ අනෙකුත් යුක්රේන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඔවුන් සතුව ප්‍රමාණවත් තරම් ආයුධ, පතොරම් සහ උපකරණ නොමැති බැවින් බටහිර රටවල් තවත් යුද ආධාර ලබා දීම අවශ්‍ය බවත්ය. ඊයේ (25 ) වන විට, සෙලෙන්ස්කිගේ උපදේශකයින් දෙදෙනෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් පවසා සිටියේ ප්‍රහාරය තවමත් ආරම්භ වී නොමැති බවයි. එහෙත් සෙලෙන්ස්කිගේ වෙනත් උපදේශකයෙකු ප්‍රහාරය දැනටමත් කිලෝමීටර් 1,500 ක් දිග ඉදිරි පෙළ ඔස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින බව අවධාරණය කළේය.
නුලන්ඩ් 2013 දෙසැම්බරයේ මයිඩාන් විරෝධතාවලට සහය දැක්වීම සඳහා කියෙව් වෙත ගිය අතර, යුරෝපා සංගමය සමඟ ගිවිසුමක් ඉල්ලා සිටි පිරිසට පේස්ට්‍රි බෙදා දීමටද කටයුතු කළාය. මේ අතර 2014 පෙබරවාරියේ මාසයේ දිනකදී ඇය කියෙව්හි එක්සත් ජනපද තානාපති ජෙෆ්රි පියට් සමඟ දුරකථනය මගින් අදහස් දක්වමින් අනාගත යුක්රේන රජයේ සංයුතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළාය.එයින් සති තුනකට පසුව, ජාතිකවාදීන් ජනාධිපති වික්ටර් යනුකොවිච් එලවා දමා ප්රචණ්ඩ ලෙස බලය අල්ලා ගනු ලැබුවේය.ඉන් පසුව ක්රිමියාව රුසියාවට නැවත එක්වීමට සහ ඩොන්බාස්හි ගැටුම් වලට තුඩු දෙන සිදුවීම් ගලා යාමටද සැලැස්වුනි.
ජෝ බයිඩන්ගේ පරිපාලනයේ සහකරුවෙකු ලෙස 2021 දී නුලන්ඩ් නැවත වතාවක් රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමෙන් පසු නැවත වරක් යුක්රේන රාජ්‍යයේ ප්‍රතිපත්ති භාරව කටයුතු කරන්නිය ලෙස පත් කරන ලදී. පෙබරවාරි මාසයේ Carnegie Foundation මගින් පවත්වන ලද උත්සවයකදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ ක්රිමියාව යටත් කර ගැනීම සහ මොස්කව්හි පාලන තන්ත්රය වෙනස් කිරීම වත්මන් ගැටුමේ පරමාදර්ශී ප්‍රතිඵලය වනු ඇති බවයි. ඇගේ සැමියාගේ සහෝදරියක් වන Kimberly Kagan යුක්රේනයේ යුද බිමේ තත්ත්වය පිළිබඳව ප්රවෘත්ති හෝ මත ප්‍රචාරය කරන බටහිර මාධ්‍ය විසින් නිතර උපුටා දක්වන වොෂින්ටන් නගරය කේන්ද්‍ර කරගනිමින් පිහිටුවා ඇති උපදේශන කණ්ඩායමක් වන යුද්ධය පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ආයතනය (Institute for the Study of War – ISW) පවත්වාගෙන යන තැනැත්තියයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...