ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ කර ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා ගොඩනැඟෙන නව පුළුල් පෙරමුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (18 වැනිදා) රැස් වෙති.
මෙම පක්ෂ නායක රැස්වීම ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 7.00 ට බත්තරමුල්ල, නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙයි.
නව පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් නම් කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය. මෙම යෝජනාව ඉකුත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඉදිරිපත් කර තිබිණි.
ඒකාබද්ධ පොදුජන පෙරමුණ වශයෙන් පෙරමුණ නම් කළද පොහොට්ටුව ලකුණ වෙනස් නොවිය යුතු බවට ඔවුන් තීරණය කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...