දේශීය පුවත්

2018 මැයි 18 දින ගැසට් කරන ලද ‘‘සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත“ ලබන 20 වන දා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත බවත් එය පරාජය කිරීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක් විය යුතු බවත් රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව පවසයි.

ඊයේ (17) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපති රජරට අනුරාධ තෙන්නකෝන් මහතා මහතා මේ බව කියා සිටියේය.

මීට පෙර ආණ්ඩුව විසින් ඊනියා යුද අපරාධවලට දඩුවම් කිරීම සදහා සම්මත කළ අතුරුදහන් පුද්ගලයින් පිළිබද කාර්යාල පනත සහ අතුරුදහන් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත මගින් ප‍්‍රභල යාන්ත‍්‍රණපයක් නිර්මානය කරනු ලැබූ බවද තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටියේය. ‘‘ අපරාධ කරුණු පිළිබද අන්‍යා්න්‍ය සහාය ලබා දීම නම්වූ මෙම තුන්වන පනත මගින් එම යාන්ත‍්‍රනය තුළ පවතින ප‍්‍රධාන බාධක කිහිපයක් ඉවත් කර ඇති බවද පවසා සිටියේය.

ඒඅනුව මහජනයා නොමග යැවීම සදහා අතුරුදහන් පුද්ගලයන්ගේ කාර්යාල පනත සහ අතුරුදහන්වීම් වැලැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත් වරින්වර සම්මත කළත් මෙම පනත් ත‍්‍රිත්වය එක්ව ගත්විට ඉතා ප‍්‍රභල ලෙස යුද අපරාධ සදහා දඩුවම් කිරීමේ යාන්ත‍්‍රනයක් සකස්වී ඇති බවද ඔහු අවධාරණය කළේයෙ.

විශේෂයෙන්ම මානව හිමිකම් කොමසාරිස්ගෙ නිර්දේශ අනුව රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීම සදහා ප‍්‍රභල යාන්ත‍්‍රණයක් සකස්වේ. ඒ අනුව දැන් ඩයස්පෝරාව ඉල්ලා සිටින විශේෂ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හෝ ටී.එන්.ඒ පක්ෂය ඉල්ලා සිටින දෙමුහඅන් යුද අපරාධ අධිකරණය පිහිටුවීම අවශ්‍ය නොවවන බවත් මෙම පනත් ත‍්‍රිත්වය මගින් රණවිරුවන් රාශියකට බොරු සාක්ෂි මත දඩුවම් කිරීම සදහා ඉතා ප‍්‍රභල සහ කාර්යක්ෂම යාන්ත‍්‍රණයක් සකස් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

රණවිරුවන් පාවා දීමේ ක‍්‍රයාවලිය කිසිදු බාධාවකින් තොරව ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග වලට අවශ්‍ය ආකාරයට සහ ඔවුන්ගේ සැලසුම් වලට අනුව ඉදිරියට ගමන් කරන බවත් මිලේච්ච ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ගේ, යුධ නායකයින්ගේ, දේශපාලන නායකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට, ඔවුන් රැක ගැනීමට පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනාගේ ජාතික වගකීමක් බවද ඔහු පවසා සිටියේය.

.

රනිල් මෛත්‍රී ගජ මිතුරු කල්ලිය වූ යහපාලන රජය එල්.ටී.ටී.ඊයේ ශාඛා සමිතියක්

Gepostet von Lanka Lead News am Dienstag, 17. Juli 2018

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් එම සංවිධානයේ නීති උපදේශක නීතීඥ මහේෂ් කටුලන්ද මහතා පවසා සිටියේ ඇමෙරිකාව වැනි රටවල් පවා රණවිරුවන් ආරක්ෂා කිරීමට කටයුතු යොදා ඇති පසුබිමක ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට අත්සන් කරමින් විරුවන් පාවාදීමට අණ පනත් සෑදීම කණගාටුවට කරුණක් බවය.

ත්‍රස්තවාදය පරදවපු රණවිරුව දඩයම් කරන්න පනත් හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව – නීතිඥ මහේෂ් කටුලන්නද

ත්‍රස්තවාදය පරදවපු රණවිරුව දඩයම් කරන්න පනත් හදපු ලෝකෙ එකම රට ශ්‍රී ලංකාව – නීතිඥ මහේෂ් කටුලන්නද

Gepostet von Lanka Lead News am Dienstag, 17. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More