සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගනයෙහි ලා ගැනෙන අපද්‍රව්‍ය තොග ද වන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ කසල බදුන බවට පත් විය හැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.
සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
සිංගප්පුරු ගිවිසුමෙන් රටට කිසිදු අගතියක් නොවන බවට මලික් සමරවික්‍රම මහතා සිදු කරන ප්‍රකාශය නිර්දය ලෙස බැහැර කළ විමල් වීරවංශ මහතා ‘ඔබතුමා මේ ගිවිසුම අත්සන් කළේ විශාල මුදලක් ලබා ගෙන කියා මා තරයේ පවසනවා. රටකට මෙවැනි විපතක් ගෙන දෙන ගිවිසුමකට අත්සන් කළ හැක්කේ විශාල මුදලට විකුණුන පුද්ගලයකුට පමණයි’ යනුවෙන් පැවසුවේ පාර්ලිමේන්තුව උණුසුම් කරමිනි.
එම උණුසුම් වාග් ප්‍රහාරය හමුවේ අන්දමන්දව ගිය මලික් සමරවික්‍රම මහතා කිහිප වරක්ම නැගී සිටිමින් සිංහල හා ඉංග්‍රීසි බසින් කියා සිටියේ ‘මට සිංගප්පූරුවෙන් සල්ලි ගන්න උවමනා නැහැ. මට හොදට සල්ලි තිබෙනවා” කියාය.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...