දේශීය පුවත්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට ලබාදීමට ගෙන තිබෙන තීරණය වහාම වෙනස් කරන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද දින ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවීමට නියමිත බව වාර්තා වනවා.
ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පෙරවරු 9.30ට බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමුවීමට අපේක්ෂා කරන බවයි.
මත්තල ගුවන් තොටුපල ඉන්දීය සමාගමකට බදු දීමට රජය ගෙන ඇති බව කියන තීරණය මෙන්ම පරිශ්‍රයේ ගොඩනැගිලිවලට සිදුව ඇති හානි පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More