මෙක්සිකෝවේ කුප්‍රකට මත්ද්‍රව්‍යය කාටලයක් වන ගල්ෆ් කාටෙල් (කාටෙල් ඩෙල් ගොල්ෆෝ, සීඩීජී) ලාංඡනය පැළඳ සිටින සටන්කාමියෙකු එක්සත් ජනපදයේ නිෂ්පාදිත යුද ටැංකි නාශක මිසයිල විදිනයක් රැගෙන යන අයුරු තමෞලිපාස් ප්‍රාන්තයේදී රූගත කර ඇත.මෙක්සිකෝවේ ප්‍රවෘත්ති නාලිකාවක් වන Milenio TV මෙම ආයුධය එක්සත් ජනපදයේ නිෂ්පාදිත “Javelin” ලෙස හඳුනාගෙන ඇති අතර, ඒවායින් දහස් ගණනක් පසුගිය වසර පුරා පෙන්ටගනය විසින් යුක්රේනය වෙත යවන ලදී.
පසුගිය් මැයි 29 වනදා තමෞලිපාස් ප්‍රාන්තයේ “Matamoros” හිදී රූගත කරන ලද දර්ශන ප්‍රවෘත්ති නාලිකාව විසින් මැයි 30 වනදා සවස විකාශනය කරන ලැබුවේය. වීඩියෝ පටවල CDG ලාංඡනය සහිත මිනිසෙකු “Kalashnikov” රයිෆලයක් සහ නාලිකාව පවසන පරිදි “Raytheon” සමාගම නිෂ්පාදනය කළ FGM-148 මිසයිලයකින් සන්නද්ධව සිටිනු පෙන්නුම් කළේය.
පසුගිය පෙබරවාරි මාසයේ සිට පෙන්ටගනය “Javelin” ආයුද 10,000කට අධික ප්‍රමාණයක් යුක්රේනයට යවා ඇති අතර, මේ හේතුවෙන් එක්සත් ජනපද හමුදාවට මිසයිල ඌනතාවයකට මුහුණ දීමටද සිදුවිය.
Milenio TV රූපවානි නාලිකාවෙ නිවේදිකා Azucena Uresti ට්විටර් සමාජ ජාලය වෙත නිදහස් කළ වීඩියෝ දර්ශනයක සඳහන් වන්නේ කළු වෙළඳපොලේ “Javelin” මිසයිලය විදින අවියක ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් 20,000 සිට $60,000 දක්වා වූ අතර මිසයිලයක සාමාන්‍ය මිල ඩොලර් 30,000 ක් පමණ වන බවයි.
“Milenio TV” දර්ශනවල ඇති ආයුධය ඇත්ත වශයෙන්ම එක්සත් ජනපද හමුදාව විසින් භාවිතා කරන මෙන්ම දහස් ගණනින් යුක්රේනයට සපයන ලද ස්වීඩනයේ නිෂ්පාදිත ඉවත දැමිය හැකි යුද ටැංකි නාශක විදිනයක් වන AT-4 විය හැකි බව සුපරීකෂාකාරිව එම විඩියෝ දර්ශන නිරීක්ෂණය කළ හමුදා විශේෂඥයෝ විශ්වාස පවසති.
#AzucenaALas10 | En #Tamaulipas, un presunto miembro del Cártel del Golfo fue grabado portando una de las armas más exclusivas y poderosas, un "javelín", que ha sido utilizado durante la invasión a Ucrania con un valor de entre 20 mil y 60 mil dólares pic.twitter.com/2BGtJMc2Xl
— Azucena Uresti (@azucenau) May 31, 2023
යුක්රේනයට ආයුධ සහ පතොරම් නොදෙන ලෙස රුසියාව නැවත නැවතත් එක්සත් ජනපදයට සහ එහි සහචරයින්ට අනතුරු අඟවා ඇත්තේ මෙය සෘජු ගැටුමකට මුල පිරීමේ අවදානමක් ඇති නිසාත් අවි ආයුධවල අවසාන ගමනාන්තය සාපරාධී පාතාලය වීමට දැඩි ඉඩකඩක් පවතින නිසාත් ය.
2022 ජුලි මාසයේ රුසියානු “RT” පුවත් වෙබ් අඩවිය කළ විමර්ශනයකදී “අඳුරු වෙබ් අඩවි” වල විකිණන බවට දැන්වීම් පල කර ඇති යුද ටැංකි නාශක රොකට් ඇතුළු බටහිර රටවල් සැපයූ විවිධ ආයුධ ඇති බව අනාවරණය කරගන්නා ලදී.ඉන් මාස කිහිපයකට පසු රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා අනතුරු ඇඟවූයේ මසකට ඩොලර් බිලියනයක් වටිනා බටහිර ආයුධ “මැද පෙරදිග, මධ්‍යම අප්‍රිකාවේ සහ අග්නිදිග ආසියාවේ ත්‍රස්තවාදීන්, අන්තවාදීන් සහ සාපරාධී කණ්ඩායම්” අවසානයේදී අත්පත් කරගන්නා බවයි.
එහෙත් කියෙව් පරිපාලනය මෙය “සම්ප්‍රචාරණයක්” ලෙස හෙලා දැක ඇති අතර සියලුම ආයුද ලැබීම් ගිණුම්ගත කර ඇති බව අවධාරණය කරනු ලැබීය.
කියෙව්හි පරිපාලනය මෙවැනි පුවත් වාර්තා කිරීමට විරුද්ධ වීමෙන් පසුව එක්සත් ජනපද පුවත් සේවයක් වන “CBS” ආයතනය යුක්රේනය වෙත සපයන ලද ආයුධ සැපයුම් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් වාරණය කිරීමට කටයුතු කරන ලදී. පසුගිය මාසයේ ප්‍රවීණ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන සේමූර් හර්ෂ් කියා සිටියේ තම ආයුධ වල අවසාන ගමනාන්තය කළු වෙළඳපොල වන බව බටහිරයන් දැන සිටි නමුත් යුක්රේනය සන්නද්ධ කිරීම ඔවුන්ට වඩා වැදගත්වන බැවින් බොහෝ බටහිර රාජ්‍යන් එය ගණන් නොගත් බවයි.
ගල්ෆ් කාටෙල් පදනම් වී ඇත්තේ මෙක්සිකානු ප්‍රාන්තයේ Tamaulipas ප්‍රාන්තයේ විශේෂයෙන් මායිම් නගරයක් වන Matamoros නගරයේය. මෙය අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ Brownsville සිට Rio Grande හරහා පහසුවෙන් ළඟ විය හැක.මෙක්සිකෝවේ මෙම සන්නද්ධ කණ්ඩායම් 1930 ගණන්වල සිට පැවත එන නමුත් 1990 දශකයේ අගභාගයේදී එය ලොස් සීටාස් ලෙස හැඳින්වෙන කුප්‍රකට සන්නද්ධ කණ්ඩායමක් බිඳ දැමීමෙන් ප්‍රසිද්ධියට පත්විය.
එතැන් සිට කණ්ඩායම තනිවම කටයුතු කරන ගෙන ගියේය. CDG ත්‍රස්ත කණ්ඩායම මූලික වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර සංවිධානයක් ලෙස හැඳින්වුවද,මිනිස් ජාවාරම්, පැහැරගැනීම්, මුදල් විශුද්ධිකරණය, ලිංගික වහලුන් සහ ආයුධ ජාවාරම් සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
පසුගිය මාර්තු මාසයේදී, කාටලයට අයත් කණ්ඩායමක් ඇමරිකානුවන් හතර දෙනෙකු පැහැරගෙන ඔවුන්ගෙන් දෙදෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කළේ අමෙරිකානුවන් වැරදි ලෙස හඳුනා ගැනීම හේතුවෙන් මෙම සිද්ධිය සිදුවී ඇති බවයි. එම පාර්ශවයේ සාමාජිකයින් පස් දෙනෙකු මෙක්සිකානු පොලිසියට භාර දෙන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...