දේශීය පුවත්

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අමෙරිකානු රාජ්‍ය ණය ගෙවීම පැහැර හැරීමට නියමිතව තිබූ කාලයට දින කිහිපයකට පෙර ඊයේ(මැයි 31 ) ණය සීමාව ඉහළ නැංවීමේ පනත කෙටුම්පත අනුමත කර ඇතැයි වාර්තා වේ.

රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 149 ක් සහ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 165 ක් පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් 71 ක් සහ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් 46 ක් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ.

එළඹෙන ජූනි 5 වනදා වන විට බිල්පත් ගෙවීමට අමෙරිකානු ආණ්ඩුවට මුදල් නැති විය හැකි බවට භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පසුගිය මැයි 25 වනදා කළ අනතුරු ඇඟවීමෙන් පසු පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම සිදු විය.ඒ අනුව පනත සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා යොමු වන අතර සෙනට් සභාවේ සාමාජිකයින් එළඹෙන 5 වනදා වන විට පනත් කෙටුම්පත අනුමත කිරීමට කළ යුතුය.

පනත් කෙටුම්පත මගින් 2025 ජනවාරි 1 දක්වා පවතින ණය සීමාව අත්හිටුවීමට නිත්‍යානුකූලව ඉඩ සැලසෙනවා මෙන්ම  මිලිටරි නොවන වියදම් සීමා කිරීමටද නෛතික ඉඩ ප්‍රස්තාව සැලසේ.

පනත් කෙටුම්පත සම්මත කිරීමට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ටික වේලාවකට පසු ජනාධිපති ජෝ බයිඩෙන් සභා සාමාජිකයින්ට ස්තූතිය පුද කළේ “පළමු පැහැර හැරීමක් වැලැක්වීමට සහ අපේ රටේ අමාරුවෙන් උපයාගත්  ඓතිහාසික ආර්ථික ප්‍රකෘතිය ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ඉදිරි පියවරක්” ගැනීමට දායක වූ සැමට ගෞරවය පුදකරමිනි. ජෝ බයිඩෙන් පසුගිය සෙනසුරාදා සභා කථානායක කෙවින් මැකාති සමඟ ඇතිකරගත් සම්මුතිය විස්තර කළේ “ද්විපාර්ශ්වික සම්මුතියක්” ලෙසයි.

ඡන්දය පැවැත්වූවේ ප්‍රමුඛතා වියදම් සම්බන්ධයෙන් රිපබ්ලිකානුවන් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් අතර දිග්ගැස්සුනු සටනකින් පසුවය. සභාවේ බහුතර බලය හිමි රිපබ්ලිකානුවන් තමන්ගේම මන්ත්‍රීවරුන්ගෙන් එන විරෝධතාවය නිසා රාජ්‍ය මූල්‍ය වගකීම් පනතට සහාය දැක්වීමට අපොහොසත් වේ යැයි බියකින්ද පෙළුණි. කෙසේ වෙතත්, කැලිෆෝනියාවේ රිපබ්ලිකන් මන්ත්‍රීවරයෙකු වන මැකාති පැවසුවේ පනතට පිටුබලය දීමෙන් පක්ෂය “ඇමරිකාවේ පුරවැසියන්ට මුල් තැන දී ඇති” බවයි.

“මූල්‍ය වගකීම් පනත සම්මත කිරීම ඇමරිකාව නැවත නිවැරැදි මාර්ගයට ගෙන ඒම සඳහා ගත් තීරණාත්මක පළමු පියවරයි.” මැකාති වාර්තාකරුවන්ට පැවසීය. “එය අපගේ දරුවන්ට වගකිව යුතු දේත්, බෙදුණු රජයක් තුළ කළ හැකි දේත් අපගේ ප්‍රතිපත්ති සහ පොරොන්දු අනුව අවශ්‍යදේත් ඉෂ්ට කරනු ලබනවා.”

සමහර රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් එක්සත් ජනපදය සිය ණය ගෙවීම පැහැර හැරීමේ තර්ජනය බයිඩෙන් සහ ඩිමොක්‍රටික පාක්ෂිකයන් විසින් ඔවුන්ගේ වියදම් ප්‍රතිපත්ති ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගන්නා “බිය ජනක උපක්‍රමයක්” ලෙස බැහැර කර ඇත.

“අපි ණය නොගෙවන තත්වය පල්ලම් බහින්නේ නැහැ. අපි වාර්තාගත ආදායමක් ලබනවා, ” House Freedom Caucus ” හි සභාපති ස්කොට් පෙරී පැවසීය. ආණ්ඩුට තීරණාත්මක සමාජ වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම නතර කිරීමට “කිසිදු අවස්ථාවක්” උදා නොවන බව ඔහු පැවසීය. කෙසේ වුවද ඊයේ සම්මත කරන ලද පනත මගින් අවසානයේදි “එක්සත් ජනපදය සම්පූර්ණයෙන්ම ණය පැහැර හැරීමකට නතුවීමට” තුඩු දෙනු ඇතැයි පෙරී තර්ක කළේය.

2024 මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පනත සම්බන්ධයෙන් විවේචනය කළේය. ඔහු ඊයේ(31) ඩෙස් මොයින්ස් හි ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමින් පැවසුවේ තමාට අපේක්ෂිත තත්වය ලබා ගැනීමට නොහැකිවූයේ නම් “ණය නොගෙවීම” යන තෝරා ගණීම කරනු ලබන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More