එක්සත් ජනපද ඩොලරය අත්හැරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් වොෂින්ටනයේ “සම්බාධක, අපකීර්තියට ලක්කිරීම, ආක්‍රමණ සහ අවලාදවලින්” නිදහස් වනු ඇතැයි, කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් ඊයේ(01) RT පුවත් අඩවියේ විකාශනය වීමට නියමිතව තිබූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේය.
“ලෝකයේ සංචිත මුදල ලෙස ඩොලරය භාවිත කිරීම එක්සත් ජනපදයට “අධිපතිවාදී රාජ්‍යතාන්ත්‍රික තාප්ප ගොඩ නැංවීමට, දණ්ඩනීය සම්බාධක පැනවීමට, අපකීර්තියට පත් කිරීමට, ආක්‍රමණශීලීභවය පෙන්වීමට සහ අපහාස කිරීමට” ප්‍රතිපත්ති අනුගමනය කිරීමට හැකියාව ලබා දෙනවා. ඔව්න්ගේ මෙම ප්‍රතිපත්තියට කියුබාව එරෙහිව වීම හේතුවෙන් දශක හයක් තිස්සේ එක්සත් ජනපදය විසින් අපට සම්බාධක පනවා තිබෙනවා. BRICS සංවිධානය ලෝකයේ රටවල ආර්ථික ඒකාබද්ධතාවය සඳහා විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සඳහා දීප්තිමත් විකල්පයක් සපයනවා.” යනුවෙන් පැවසුවේය.
BRICS සංවිධානය ප්‍රථම වරට 2001 දී නිර්මාණය කරන ලද අතර ලෝකයේ නැඟී එන ආර්ථිකයන් අයත්වන රටවල් පහ වන බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව අතර වන සංවිධානය හැඳින්වීම සඳහා වන කෙටි යෙදුම එම නමින් හැඳින්වේ. ගෝලීය දළ දේශීය නිෂ්පාදනයේ BRICS අත්පත් කරගන්නා කොටස එක්සත් ජනපදය ප්‍රමුඛ G7 කණ්ඩායම අභිබවා ගිය නමුදු එය අවිධිමත් සන්ධානයක් ලෙස පැවතුනි. මේ වන විට ඔවුන්ට තමන්ගේම සංවර්ධන බැංකුවක් ඇති අතර, සෞදි අරාබිය, ඉරානය සහ ආර්ජන්ටිනාව අනාගත සාමාජිකයින් 19 අතරට එක් වීමට නියමිතව තිබේ.
වෙළඳ බිල්පත් පියවීම සඳහා BRICS කණ්ඩායම වෙනම පොදු මුදල් ඒකකයක් සඳහා වන ඉල්ලීම් මධ්‍යයේ, සමූහයේ සාමාජිකයින් එක්සත් ජනපද ඩොලරය මගහරිමින් ඔවුන්ගේම මුදල් ඒකකවලින් වැඩි ද්විපාර්ශ්වික වෙළඳාම් ප්‍රමානයක් කිරීමට පටන් ගෙන තිබේ.
“මෙම බහු ධ්‍රැව ලෝකය හැඩගැස්වීමේදී රුසියාවේ ප්‍රමුඛ කාර්යභාරය අප හඳුනා ගත යුතු බව මම විශ්වාස කරනවා” ඩයස්-කැනෙල් පැවසුවේය. එක්සත් ජනපදයේ “බොරු සහ හිස් පොරොන්දු” ප්‍රතික්ෂේප කරන රටවලට අඛණ්ඩව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳාමක් කරා ගෙන යාමට “ඩොලරය භාවිතයෙන් ඉවත් වීම” “වඩා ප්‍රයෝජනවත් වනු ඇති බවද ඔහු අවධාරණය කළේය.
කියුබාව BRICS කණ්ඩායමේ සාමාජිකයෙකු නොවූවත්, සෝවියට් සංගමයේ කාලයේ සිට රුසියාවේ සමීප හවුල්කරුවෙකු වූ අතර, මොස්කව් සහ හවානා අතර වෙළඳාම පසුගිය වසරේ ඩොලර් මිලියන 452 දක්වා තුන් ගුණයකින් වැඩි විය. රුසියානු නියෝජ්‍ය අගමැති දිමිත්‍රි චර්නිෂෙන්කෝ පසුගිය සතියේ කියුබාවේ සංචාරයක නියතු වූ අතර එහිදී ඔහු ප්‍රකාශ කළේ රුසියානු සමාගම් රටේ සංචාරක ක්ෂේත්‍රයේ වැඩි ආයෝජන සඳහා සැලසුම් කරන බවයි.
“මෙවැනි අවස්ථාවලදී අපේ ස්වාධීනත්වයට හානියක් නොවන ලෙස අපගේ සැබෑ සංවර්ධන අවශ්‍යතාවයන්ට සහය දෙන මිතුරන් අපට වෙනත් රටවලින් හමුවෙනවා” යනුවෙන් ඩයස්-කැනල් RT පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.
(ජීවන්ත ජයතිස්ස )
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...