පොහොර හා කෘෂි රසායනවල පැවැති උග්‍ර හිඟය හේතුවෙන් 2022 වර්ෂයේ දී මෙරට තේ නිෂ්පාදනය සියයට 16කින් කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙරට සමස්ත තේ නිෂ්පාදනය සඳහා පිළිවෙළින් සියයට 22කින්, සියයට 16කින් හා සියයට 62කින් පමණ දායක වූ උඩරට, මැදරට, පහතරට තේ නිෂ්පාදනය 2022 වර්ෂයේ දී පිළිවෙළින් සියයට 13.8කින්, 21.2කින්, සහ සියයට 15.4කින් පහළගොස් තිබූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
එමෙන්ම කුඩා තේ වතු හිමියන්ගේ තේ දලු නිෂ්පාදනය ද සියයට 15.6කින් පහළ ගොස් තිබුණි. කුඩා තේ වතු හිමියන්ගේ තේ අස්වැන්නේ සාමාන්‍ය පළදාව (2021) වර්ෂයේ දී හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1414ක් ලෙස වාර්තා වී තිබුණ ද 2022 වර්ෂයේ දී තේ පළදාව හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 1,193 දක්වා අඩුවී තිබූ බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...