දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (18) මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම ස‍දහා ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යාංශය වෙත පැමිණියේය.

එහිදී විනාඩි 30ක පමණ කාලයක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සමග සාකච්ඡා කළ අතර, පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වූ අතර එහිදී මහින්දනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පවසා සිටියේ තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා බවත් එහෙත් පිටතට පැමිණියේ එක්සත් ජාතික පක්ෂයෙ අමාත්‍යවරයකු හමුවාසේ හැගීමෙන් යුතුව බවයි.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසා සිටියේ බැදුම්කර මංකොල්ලයෙන් සිදුවූ පාඩුවට වඩා පාඩුවක් මත්තල ඉන්දියාවට පැවරීම තුලින් සිදුවන බවත් ඉදිරියේ ගොඩනැගෙන ආණ්ඩුවකින් මෙම පාඩුව සම්බන්ධව සියලු වැරදිකරුවන්ට දඩුවම් විදීමට සිදුවන බවයි.

විමල් වීරවංශ මහතා පවසා සිටියේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ රැක ගැනීමේ ඒකාබද්ධ විපක්ෂය අත්නොහරින බවත් ඉදිරියේදී ඒ සදහා විශාල අරගලවලට යොමුවන බවත්ය.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙහි සම්පූර්ණ විඩියෝව පහත දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More