දේශීය පුවත්

කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 9 කින් සමන්විත ගොඩනැඟිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානිකළ බව කියන පුද්ගලයන් 23 දෙනෙකු ඊයේ (4 දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම ගොඩනැඟිල්ල නඩු හබ ඇති ගොඩනැඟිල්ලක් බව ද අත්අඩංගුවට ගත් පිරිස කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය, දෙමටගොඩ යනාදී ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 ත් 50 ත් අතර වයසේ පසුවන්නන් බව ද ඒ මහතා සඳහන් කරයි.

එම ගොඩනැඟිල්ලේ ආරක්‍ෂක නිලධාරීන්ට ද තර්ජනය කරමින් සැකකරුවන් එහි ඇතුළු වී ඇති අතර එම ගොඩනැඟිල්ලේ දේපළවලට සිදු වූ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

මේ පිළිබඳව කොම්පක්‍ඳ්ක්‍ඳ වීදිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන අතර කඩාවැදුණු පිරිස එම ගොඩනැඟිල්ල බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට තැත් කර ඇතිද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු වන බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More