පුරවැසි කොලම

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පනත මගින් ස්ථාපිත කර ඇත්තේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සහ පරිපාලනය කිරීම සඳහා කාර්ය පටිපාටි සකස් කිරීමෙහි ලා ආණ්ඩුවට උපදෙස් දීම සහ සහාය වීම ඇතුළු මූලික අයිතීන් උල්ලංඝනය වීම් පිළිබඳ විමර්ශනය කිරීම, සමථයට පත් කිරීම හා විසඳීම සඳහා විධිවිධාන සැලැස්වීම අරමුණු කර ගෙනය. (96 අංක 21 පනතෙහි 10, අ,ආ,ඇ, ඈ,ඉ සහ ඊ වගන්තී )

අදාල පනත අනුව කොමිෂන් සභාවේ සාමාජිකයින් ව්‍යවස්ථා දායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය (96 අංක 21 පනතෙහි 2.2 වගන්තිය. කොමිෂන් සභාව සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුක්ත විය යුතු අතර පත් කරනු ලබන පස් දෙනාගෙන් එක් අයකු ජනාධිපතිවරයා විසින් සභාපති ලෙස නම් කරනු ලැබිය යුතුය. (96 අංක 21 පනතෙහි 4 වගන්තිය)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට වර්තමානයේ පත්ව ඇති සාමාජිකයන්ගෙන් සභපතිනිය හැර අනෙක් හතරදෙනාටම මානව හිමිකම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් හා දැනුම ඇත්තෝ වෙති. එසේම සභාපතිනියද දීර්ඝ කාලයක් අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති හෙයින් මානව හිමිකම් පිළිබඳ න්‍යායාත්මක අවබෝධයක් ඇතැයි යන්න බැහැර කළ නොහැකි සත්‍යකි. එසේම මෙම කොමසාරිස්වරුන් සියලු දෙනාම පාහේ විශේෂ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ උපාධි, පශ්චාත් උපාධි ලබාඇති ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇත්තෝ වෙති. එලෙසම රාජ්‍ය සේවය තුළ ද විවිධ මට්ටමේ තනතුරු දරා ඇති දූශිත ගනු දෙනු වලට සම්බන්ධ නොවූ පුද්ගල චරිත වන්නේය.

වර්තමාන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් ජනතාවට වඩාත් ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් ලබාදීමට කැපී පෙනෙන කාර්යයක් ඉටු කිරීමට උත්සාහ දරා ඇති බව අපගේ විමර්ශනය තුළ තහවුරු විය. එම සාමාජිකයන් ඉටු කළ කාර්යභාරයන් අතරින් විශේෂයෙන්ම කැපීපෙනෙන කාර්යක් වන්නේ 2005 වසරේ සිට ඉදිරිපත් කර තිබූ පැමිණිලි නව දහසකට (9000) කට වඩා වැඩි සංඛ්‍යාවක ලිපි ගොනු කිසිදු විමර්ශනයකට භාජනය නොකර ගබඩාවල ගොඩගසා තිබීමත් එහි සේවය කරනු ලබන සේවකයන් කිසිදු ආකාරයක රජයේ හා භාණ්ඩාගාරයේ පරිපාලන හා මූල්‍ය නීති රීති අනුගමනය නොකරමින් වැඩ කටයුතු කිරීමත් නිසා අවුල් වී ඇති තත්ත්වයන් නිවැරදි කිරීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කර මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගැනීමයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සාමාජිකයන් 2020 දී පත් කරනු ලැබීමෙන් පසු ගෙවීගිය පළමු වසර තුළ ඉතාම සාර්ථකව ඉදිරියට යා හැකිව තිබුනේ, ආරම්භයේ එහි සභාපතිත්වය දැරූ පරිණත හා බුද්ධිමත් පුද්ගලයෙකු වූ ආචාර්ය බාලසූරිය මහතාගේ ද විශාල දායකත්වය ඇතිව වීම විශේෂත්වයකි.

එහෙත් වසරක පමණ කාලය ඇවෑමෙන් සෞඛ්‍ය හේතු මත එතුමා සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟම වර්තමාන සභාපතිනිය පත්විය. ඇය පැමිණි පළමු දිනයේම කළ පළමු කාර්ය වූයේ එතෙක් පැවති සමගිය හා සංහිඳියා බිඳ දමමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ විධායක බලය තමන් සතු බව පවසා එතෙක් බෙදා දී තිබූ අංශයන් සියල්ල තමන් අතට ගන්නා බව පැවසීමය. ඒ සමගම යම් යම් ගැටළුකාරී තත්වයන් පැනනගින්නට ආරම්භ වූ අතර එතෙක් පැවති කොමිෂන් සභා රැස්වීමේ සම්ප්‍රදාය අහෝසි කොට සීමා කරන ලදී. එබැවින් අනිකුත් කොමසාරිස්වරුන් කාර්ය භාරයක් නොමැති කොමසාරිස්වරුන් බවට පත්කරනු ලැබුවේය.
ඒ වන විට කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි යටතේ පවත්වාගෙන ගිය පරිපාලන හා මූල්‍ය අංශය, ආචාර්ය විජිත නානායක්කාර යටතේ පවත්වාගෙන ගිය අධ්‍යාපන හා පුහුණු අංශය, නීතිඥ අනුස්‍යා ෂන්මුගනාදන් යටතේ පවත්වාගෙන ගිය සෝදිසි සහ විමර්ෂන අංශය හා කළුපහන පියරතන හිමි යටතේ පවත්වාගෙන ගිය අන්තර්ජාතික අංශය අහෝසි කොට සියල්ල සභාපතිනිය යටතට ගෙනයාම හරහා කොමසාරිස්වරු අකර්මන්‍ය කිරීමේ අඩිතාලම දමා ගැනීමට ඇය කටයුතු කළාය.
එලෙසම එම අංශ වලට අනුයුක්ත සියලුම සේවකයින් ද තමා යටතේ පමණක් වැඩ කටයුතු කිරීමට නියෝග කිරීම නිසා කොමසාරිස්වරු සියලු දෙනාම බරපතළ අපහසුතාවයකට පත් විය. ඒ සමඟම ඇය විසින් තමා හැර මෙම සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළ අය බවත් තමන් එසේ නොවන බවත් පවසමින් කොමසාරිස්වරුන් වෙත බරපතළ දේශපාලන ලේබලයක් ගසමින් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ හෑල්ලුවට ලක් කරමින් ශ්‍රී ලංකා රජය බරපතළ ලෙස හෑල්ලු කිරීමට කටයුතු කළාය. එහෙත් සත්‍යනම් පනත ප්‍රකාරව සියලු දෙනාම ඒ වන විට රටේ ප්‍රධානියා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලු දෙනාම පත් කළ යුතුය.ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වත්මන් සභාපතිනියද ද පත්කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන්නේය. එහෙත් ඇය සත්‍ය වසා දමා වෙනත් මාර්ගයකින් තමා කොමිසමේ සභාපතිනිය බවට පත්වී ඇති බව ඇඟවීමට කටයුතු කරමින් සිටින්නීය.

මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ සභාපතිනියගේ තොරතුරු දක්වා ඇත්තේ “The Criminal Courts Review Commission PERSONAL INFORMATION Sri Lankan national and a Permanent Resident of Canada and married to Dr. Lakshman Marasinghe, Emeritus Professor of Law- University of Windsor, Canada and has three adult children” ලෙසය ඒ අනුව කැනේඩියානු පුරවැසියකු වන මැය විවිධ බටහිර තානාපති කාර්යාල හරහා බෙදුම්වාදී කුමන්ත්‍රණකරුවන්ගේ අතකොළුවක් වෙමින් ශ්‍රී ලංකා කීර්ති නාමය පළුදු කිරීමට ගත් උත්සාහයන් පරාජය කිරීමට කොමිෂන් සභාවේ අනෙකුත් සාමාජිකයන් නොබියව කටයුතු කර ඇති ආකාරය අපගේ විමර්ෂණයට භාජනය විය.

මානව හිමිකම් කොමිසමේ සභාවේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ද තමා ශ්‍රී ලංකා පුරවැසියන් බව අමතක කරමින් බටහිර තානාපති කාර්යාලවල ඩොලර්වලට ගිජුව කටයුතු කිරීමේ උත්සාහයක නිරතව ඇති බවද දක්නට ලබුණි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමසාරිස්වරියගේ දණ්ඩනයට භාජනය වී සිටින අනෙකුත් මානවහිමිකම් කොමසාරිස්වරු හතර දෙනා ලිපි ගොනු 9000ක් (Back Lock) ගොඩ ගැසීමට හේතු විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීමත් සමඟ කාර්ය මණ්ඩලයද කලබලයට පත්විය. ඒ අනුව ගොඩ ගැසී ඇති ලිපි ගොනු වලට අදාල විමර්ෂණ වාර්තා ඉක්මනි අවසන් කිරීම අරමුණු කරගෙන ඒ පිළිබඳ සොයා බැලීමටත් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් කොට සතියකට එක් අයෙකු අවම වශයෙන් ලිපි ගොනු විස්සක්වත් අවසන් කළ යුතු බවට කොමිසන් සභාව තීරණය කරණු ලැබීය. එහෙත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තුළ වෘත්තිය සමිතියක් අටවා ගත් පිරිසක් සභාපතිනිය සමග එක්ව එම ඉලක්කය සපුරා ගන්නට ඉඩ නොතබා ක්‍රියා කරමින් සිටී. ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ චක්‍ර ලේඛ, භාණ්ඩාගාර චක්‍රලේඛ ආදිය නොසලකා මොවුන්ට උසස්වීම් ඉහළ තනතුරු නාමයන් හා වැටුප් තල ලබා දෙන ලෙස බල කිරීමට කටයුතු කර ඇත. ඔවුනට අවශ්‍ය පූර්ණ සහයෝගය සභාපතිතුමිය විසින් ලබා දීමට උත්සුක වී ඇති බවට නිරීක්ෂණය වුනි. එහෙත් කොමිසමේ අනිත් සාමාජිකයන් මෙම අනීතික ක්‍රියාවලියට පූර්ණ වශයෙන් විරුද්ධ වීම නිසා සභාපතිනිය හා සේවකයින් එක මතයකට පැමිණ කොමිසමේ අනිත් සාමාජිකයන් වෙත අපහාස කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක බව නිරීක්ෂණය වුනි.

මෙම සේවකයින් බොහෝ දෙනා 2005 වසරේදී උපාධිධාරී අභ්‍යාසලාභීන් හෝ සංවර්ධන සහකාර හෝ නීති සහකාර නිලධාරීන් ලෙස බඳවා ගත් අය වෙති. එහෙත් මානව හිමිකම් කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් ශ්‍රී ලංකාවේ වෙනත් රාජ්‍ය සේවකයන්ට අදාල නීති රීති ඔවුන්ට අදාල වන්නේ නැතැයි දිගින් දිගටම ප්‍රකාශ කරමින් උද්ඝෝෂණයක නිරත වන්නට මෙම පිරිස් කටයුතු කරමින් සිටින බවද දක්නට ලැබුනි. නමුත් ඔවුන්ගේ ඉලක්කයන් සපුරා ගැනීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ අනිත් කොමසාරිස්වරු ප්‍රශස්ථ ලෙස මැදිහත්වීම දක්නට ලැබේ.

එපමණක් නොව එතෙක් කිසිදු නිලධාරියෙකු පෙනී නොසිටි කාර්යක්ෂම කඩඉම් විභාගයද පැවැත්වීම හරහා රටේ පරිපාලන නීතිය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාදීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමට හැකිවී ඇති බවද විද්‍යාමානවේ. ඒ සඳහා මානවහිමිකම් කොමසාරිස්වරු ප්‍රශස්ථ වැඩ කොටසක් කර ඇති බව පෙනෙන්නට තිබේ.
එකවර රජයට බඳවා ගත් සමස්ත උපාධිධාරීන් 40,000 අතරින් මෙම පිරිසට පමණක් විශේෂ වරප්‍රසාද දීම නිත්‍යානුකූල නොවන බව ද කොමිසන් සභාවේ සාමාජිකයන් ගෙන් වැඩි දෙනෙකු ප්‍රකාශ කරනු ලැබ ඇත. ඒ අනුව ඒ පිළිබඳව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ විශේෂ අවසරයක් මත පොදු පිළිගත හැකි තනතුරුවල එම පිරිස පිහිටුවීමට කටයුතු කර තිබීම අගය කළ යුතුය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සේවකයින් බොහෝ දෙනා සිතා සිටින්නේ ඔවුන් ශ්‍රී ලංකාවේ නීතියට අවනත නොවිය යුතු බවය. ඔවුන් බටහිර තානාපති කාර්යාල ඉදිරියේ දණින් වැටී ශ්‍රී ලංකා රජයට අවමන් කිරීමටත් ඒ වෙනුවෙන් ඕනෑම කටයුත්තක් නිරතුරුව කැප වූ බව නිරීක්ෂණය කළ හැකිය. එසේම සභාපතිනියගේ පෞද්ගලික අභිමතය පරිදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP ) හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන හරහා මුදල් ලබාගැනීමට මෙන්ම කොමිසන් සභාවේ අනුමැතිය නැතිව වියදම් කර විදේශගත වීම වැනි රාජ්‍ය නිලධාරියෙකු නොකළ යුතු වැඩ රාශියක්ම සිදු කිරීමට මෙන්ම තම හිතවත් පුද්ගලයින්ට විශාල ගෙවීම් කර ඇතැම් වාර්තා සකස් කිරීම ආදී රටේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝනය වන සිදුවීම් රාශියක් සිදුකර ඇති බවද අපගේ නිරීක්ෂණයට හසුවිය. මේ අතර සභාපතිනියගේ වැරදි පරිපාලනයට ගැලපෙන ලේකම් වරයෙක්ද කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනිමින් කොමිසමේ වාර්තා, ගනු ලබන තීරණ විකෘති කොට හෝ වෙනස් කොට සටහන් කිරීම හා තවත් බොහෝ වැරදි කර ඇති බවද මානව හිමිකම් කොමසාරිස්වරු චෝදනා කරති. ඒ හේතුකොටගෙන 2023 පෙබරවාරි මාසයෙන් පසු කොමිෂන් සභාවේ රැස්වීම් වර්ජනය කිරීමට මානව හිමිකම් කොමසාරිස්වරු තීරණය කර අති බවද නිරීක්ෂණය විය.

ඊට අමතරව 2015 සිට කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි හා අවසන් කර ඇති ලිපි ගොනු පිළිබඳ පූර්ණ විමර්ශනයක් කොමිසම විසින් සිදු කළ අතර එහිදී වර්ෂයකට ලිපිගොනු දහයකට ආසන්න ප්‍රමානයක් අවසන් කර තිබුණේ නිලධාරීන් දෙදෙනකු පමණි.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ අම්පාර ප්‍රාදේශීය කාර්යාලයේ එක් වසරකට නිර්දේශ සඳහා ඉදිරිපත් කර තිබුණේ එක් ලිපිගොනුවක් පමණි. ඒ අනුව මෙවැනි අකාර්යක්ෂම හා අවිධිමත් ආයතනයක් ලංකාව තුළ ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව පමණක්ම විය හැකියැයි අපගේ විශ්වාසයයි.

එසේම මානව හිමිකම් කොමසාරිස්වරු නිර්දේශ කරනු ලබන්නේ විමර්ශන නිලධාරීන් විසින් විමර්ශනය කර ඉදිරිපත් කරනු ලබන වාර්තා වලින් පමණි. සමාජ මාධ්‍ය තුළ කොමසාරිස්වරුන් විසින් නිර්දේශ කර ඇති ලිපිගොනු පිළිබඳ විස්තරයක් දක්නට ලැබුණු අතර ඉන් ගම්‍ය කරනු ලැබුවේ ලැබුවේ කොමසාරිස්වරුන් කරන වැඩ ප්‍රමාණය ඉතා අඩු බව ය. එහෙත් සත්‍ය තත්ත්වය නම් විමර්ශන නිලධාරීන් විශාල පිරිසක් කරනු ලබන වැඩ ප්‍රමාණය ඉතාම අඩු බවත් ඒ අනුව කොමසාරිස්වරුන්ට ලැබෙන ලිපි ගොනු ඉතා අඩු බවත් වසරකට විමර්ශන නිලධාරීන් කරනු ලබන වැඩ ප්‍රමාණය ඉතාම අල්ප බවත් දත්ත ලේඛන පරික්ෂා කිරීමෙන් තහවුරු කරගත හැකිය.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියෙකුට සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ හැකි නීත්‍යානුකූල ආයතනයක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි කීර්ති නාමය ආරක්ෂා කිරීමට වගකිවයුතු සියලු පාර්ශවයන් මැදිහත් විය යුතු බව අපගේ විශ්වාසයයි.

(මානව හිමිකම් කොමිසම තුළ පසුගිය කාලය පුරා සිදුවූ අකටයුතුකම් සම්බන්ධයෙන් කළ ගවේශනයෙහි පුවත් වාර්තාව )
– ජීවන්ත ජයතිස්ස



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More