ලෝක බිලියනපතියන්ගේ අනුග්‍රහයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය පද්ධතිය ආශ්රිත තීන්දු ගැනීමේ සමස්ත බලාධිකාරිය තම සංවිධානය යටතට ගැනීමට ක්‍රියාකරමින් ඇති බවට තොරතුරු හෙළිවෙමින් තිබේ.
ඒ සඳහා ප්‍රධාන උපාංග දෙකක් යොදා ගැනීමට සැලසුම් කෙරෙන බවද වාර්තා වේ. ඒ අතරින් පළමුවැන්න ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි පද්ධතිය (IHR) සංශෝධනය කිරීම ය. දෙවැන්න ලෝකයේ සියලූම රටවල් එම සංවිධානයේ මග පෙන්වීම් වලට බැඳ තබා ගැනීම සඳහා නව ගෝලීය වසංගත සම්මුතියකට අත්සන් කිරීම බවත් පැවසේ.
කොවිඞ් වසංගතය අවසන් වන විට ලෝකයේ නව බිලියනපතියන් 40ක් නිර්මාණය වූ බව හා කුඩා ව්‍යාපාර 200,000ක් විනාශ වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල වේ. එම සමස්ත ක්‍රියාවලිය විවිධ පර්යේෂකයින් විසින් ‘‘වසංගත කර්මාන්තය’’ ලෙස හඳුන්වා ඇත. ඒ නිසා අනාගතයේ දී නව වසංගත සහ සමූහ එන්නත්කරන වැඩසටහන් මෙන්ම ආර්ථික සහ සමාජයීය කටයුතු පිළිබඳ තහංචි පැනවීම සහ සමස්ත රට වසා දැමීම ආදී ක්‍රියාමාර්ග සහිත ‘‘වසංගත පැකේජයක්’’ ඉදිරිපත් කිරීමට හැකියාව ඇති බවත්, එහිදී පිරිවැය ඒ ඒ රටවල බදු ගෙවන්නන් විසින් දැරිය යුතු අතර ලාභය බිලියනපතියන් ගේ ගිණුම්වලට පමණක් බැර වෙනු ඇති බවත් වාර්තා වේ.
මේ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහළින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...