දේශීය පුවත්

රසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පාතාල සාමාජිකයන් ආරක්ෂකයන් ලෙස තබාගෙන සිටීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා ඊයේ (18දා) පැවසීය.

ගිහාන් සඳරුවන්, ක්‍රිස්ටෝපර් නයනජිත් ඇතුළු පාතාල සාමාජිකයන් සමග සරත් ෆොන්සේකා මහතා සම්බන්ධකම් පවත්වන බවත්, එම ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවලදී ඔවුන් නිදහස් කරන ලෙස පොලීසියට බලපෑම් කර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සරත් ෆොන්සේකා මහතා සංවිධානය කරන උත්සවවලට එම පාතාල සාමාජිකයන් සහභාගීවූ ආකාරය දැක්වෙන ඡායාරූප තිබෙන බවද ඔහු පැවසීය.

බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී පද්ම උදය ශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සරත් ෆොන්සේකා මහතාගේ ඇමති ධුරය ඉවත් කර ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා හා පොලිස්පතිවරයා කටයුතු කළ යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More