දේශීය පුවත්

චීන සමාගමකින් පසුගිය රජය මුදල් ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ලෙස අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 10.30 සිට දිනය පුරා මෙම විවාදය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවූ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු මෙම විවාදයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම විවාදය සඳහා සාර්ථකව මුහුණ දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ පැවැත්වෙන විවාදයට, විදේශගතව සිටින බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී නොවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More