මුලතිව්, පුදුකුඩිඉරිප්පු, සුදන්දිරපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි ඉතා විශාල ප්‍රමාණයේ කාලතුවක්කු උණ්ඩ දෙකක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පොලීසිය පැවසූවේ නාවික හමුදාවට ලද තොරතුරක් මත අදාළ ළිඳ ඊයේ(18) සවස පරීක්ෂා කර ඇති බවයි.
පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව නාවික හමුදා නිලධාරීන් හා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිදෙන් ගොඩගත් බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසූවේ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද(19) දිනයේදීද අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...