ගෝඨාභය රාජපක්ෂ පාලන කාළය තුළ ආර්ථික අර්බුදයට පාදකවූ කරුණු ලෙස ප්‍රධාන වශයෙන් හඳුනා ගත හැක්කේ කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය හැකිළෙන ලෙස රට වසා තැබීම, ගෙවීමට තිබූ විදේශ ණය නිසි කලට ගෙවීම, විදේශ ණය ලබා නොගැනීම, ආයෝජකයින් සහ අපනයන කටයුතු වල යෙදෙන වෙළඳුන් විදේශ විණිමය රටින් පිට රැඳවීම, උන්ඩියල් හවාලා ඇතුළු නීත්‍යානුකූල නොවන ක්‍රම රටට විදේශ විණිමය ලැබෙන මාර්ග ආක්‍රමණය කිරීම, දේශීය බදු කප්පාදුව (වැට්, සීනි, සහල්, සුදුළූණු ඇතුලුව), සුදුසුකම් නොමැති ලක්ෂයක පමණ පිරිසක් ක්ෂණිකව රජයේ සේවයට බඳවා ගැනීම,වෛද්‍ය, සුවසේවක, ගුරු ඇතුළු සියළු ක්ෂේත්‍රවල උද්ඝෝෂණ සහ තර්ජන හමුවේ දශක ගණන් නොවිසඳා තිබූ වේතන සහ දීමනා ලබාදීම, රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීම යන කාරණය නිසි පරිදි කළමනාකරණය නොවීම, තීරුබදු රහිත වාහන ගෙන්වීමට මැති ඇමතිවරුන්ට අවස්ථාව ලබාදීමට උත්සාහ කිරීම (මෙය විදේශගත ශ්‍රමිකයින් විදේශ විණිමය එවීම අඩු කිරීමට හේතුවිය) ආදී වශයෙන් වන කරුණු සඳහන් කළ හැක.
මෙයින් විදේශ ණය නිසි කලට ගෙවීම බැරෑරුම් තලයකට පැමිණියේ 2015-2019 කාලයේ දී 6.8% – 7.2% වැනි ඉතා ඉහළ පොලියට ස්වෛරී බැඳුම්කර හෙවත් වාණිජ ණය යටතේ ඇමරිකන් ඩොලර් බිලියන 12.5 ක් ලබාගෙන තිබීම හේතුවෙනුයි. මේවා කෙටි කාලීන ණය වූ අතර එම ණය කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකට යොදවා නොතිබූ අතර එදිනෙදා ගෙවුම්ශේෂ හිඟය පියවා ගැනීම සඳහා පමණක් 2015-2019 පාලන කාලයේදී යොදාගෙන තිබුණි. නන්දලාල් මහතා මහ බැංකුවේ එවකට ජේෂ්ඨ නියෝජ්‍ය අධිපති ධූරය දැරුවේය. එලෙසම ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිය. අද ලකිසුරු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව යටතේ එදා මහ බැංකුව පාලනය විය.
76යේ සිට විවෘත ආර්ථිකයෙන් ගොඩ ගැසුණු ණය කන්දරාව ගෙවීමට ඇති ණය කන්දරාවට අයත් අතර අපේක්ෂිත ආදායම් ලැබීමට පෙරම රත්‍රං බිජු ගැනීමට කිකිළිය මැරූ ආකාරයට සිදුවූ හම්බන්තොට වරාය එක්තරා ආකාරයකට මරා දැමීමද ආදායම් අහිමිවීමට සැපයූ දායකත්වයද සුළු පටු නොවේ. 2015-2019 දී සිදුවූ තවත් ආර්ථික ඝාතන ක්‍රියා බොහොමයක් ඇත. වරායේ ගල මිස අද පෙනෙන වරාය අසලින් දිනකට ගමන් කරන්නේ යැයි පවසන නැව්වලින් ලැබිය හැකි ආදායම එදා පෙනුනේ නැත.වරාය නගරයෙන් ලැබිය හැකිව තිබූ ආදායම් පෙනුනේද නැත. රටේ ආයෝජන පිළිබඳව ඇති විශ්වාසය බිඳ දැමීමෙන් රටට ලැබෙන අලාභය කෙතෙක්දැයි පෙනුනේ නැත. ණය ගෙවීමට නම් ආදායම් ලැබිය යුතු බවට අවබෝධයක් තිබූ බවක් අපට නම් වැටහෙන්නේ නැත. රට බංකොලොත් භාවයට පත්ව ඇතී බව ප්‍රකාශ නොකිරීමට නම් මෙම ණය මුදල් ගෙවීම පැහැර හැරීම නොකළ යුතුම ක්‍රියාවකි. එසේ ගෙවීම පැහැර ඇති ණය මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 4.9 ක් පමණ බවට ගණනය කර ඇත. මෙම ණය කවදා හෝ ගෙවිය යුතු අතර ඒ සඳහා මෙතෙක් ඉදිරිපත්ව ඇති එකම ක්‍රම වේදය ලෙස ඉදිරිපත්ව ඇත්තේ රාජ්‍ය ආයතන ඉඩම් ඇතුලු දේපොළ විකිණීම සහ සුබසාධන කප්පාදුව පමණි.
මෑත කාළයේ උණුසුම්-මුදල් (හොට්-මනී) ලෙස 25% -27% දක්වා ඉහළ පොලියක් මත ලබාගන්නා විදේශ ආයෝජන (දැනට ඇමරිකානු ඩොලර් මිලියන 442ක් පමණ) හේතුවෙන් කුමණ ආකාරයේ ආර්ථික ප්‍රශ්ණයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවේවිද යන ප්‍රශ්ණය සමාජයේ සැළකිල්ලට භාජනය වන බවක් තවම නම් පෙනෙන්නට නැත. සති පහලොවක් වැනි කෙටි කාලයක් තුළ “හොට් මණි” ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 442 ක් ඉතා ඉහළ පොලියකට ආයෝජනය වී තිබීම කෙතරම් ඉහළ අගයක්ද යන්න සිතා ගැනීමට ජාත්‍යන්‍තර මුල්‍ය අරමුදලෙන් වසර හතරකට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 2900 සමග සැසඳිය යුතුය. ඒ අනුව “හොට් මනි” ලෙස සති 15 ක් තුළ ලබාගෙන ඇති මුදල වසර හතරකදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබා දෙන මුදලෙන් 15% ක් වැනි ඉහලා අගයකි. ඒ අනුව සිදුවෙමින් පවතින හානියේ තරර්ම සිතාගත හැකිය.
තිබෙන විදේශ ණයත් ගෙවා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 10.7 ක් උපයා ගැනීමට ක්‍රමවේදයක් කබ්‍රාල් ක්‍රමයේ පැවති බව කබ්‍රාල්ගේ “ආර්ථික ඝාතකයින් මැද” පොතේ සඳහන් වුවද උපන්ගෙයි මෝඩයා ලෙස තමුන් විසින්ම පිළිගත් පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒ පිළිබඳව විශ්වාසය තැබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.
එසේම තාමත් සමාජය කබ්‍රාල්ගෙ ග්‍රීක බැඳුම්කරය පිළිබඳව කතාබහ වෙමින් පැවතීම ඇරෙන්න නන්දලාල්ගෙ ස්වෛරී බැඳුම්කර හෝ උණුසුම් මුදල් ආයෝජනයේ ලබැඳියාව මගින් ආර්ථිකයට සහ රටේ පැවැත්මට ඇතිකරන තර්ජනය පිළිබඳව ප්‍රමානවත් අවධානය යොමු කර ඇති බවක් පෙනෙන්නට නොමැත. ඇමරිකානු ඩොලර් බිලියන 12.5 ක ස්වෛරී බැඳුම්කර නිකුතුවේ හා වත්මන් ඇමරිකානු ඩොලර් මිලියන 442 ක “හොට් මනි” ආයෝජනයන් පසු පස නන්දලාල් ඉන්නා බවට සමාජයේ ඉහල තලය තුළ වැටහීමක් තිබුණද ඒවා “කබ්‍රාල්ගේ ග්‍රීක බැඳුම්කර” වලට තිබූ විරෝධය මාදිලියේ වීදි සටන්පාඨ බවට පත් කර ගැනීමට තරම් ප්‍රසිද්ධ වීදි සටන් කරුවන් මැලිවෙන බවක්ද පෙනෙන්නට තිබේ.
ග්‍රීක බැඳුම්කරද ගෙවීම් ප්‍රතිව්‍යුහ ගත කර කවදා හෝ ගෙවීම් කෙරෙනු ඇත. එසේම ස්වෛරී බැඳුම්කර සඳහාද ගෙවීම් ප්‍රතිව්‍යුඅහ ගත කර ගම්බිම් දේපොළ විකිණීමෙන් හෝ ගෙවා දමනු ඇත.ඒ අනුව ඊළඟ ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවෙනු ඇත්තේ “හොට් මනි” ආයෝජන පියවීම සඳහා වීම වැලැක්විය නොහැක. ඒ සඳහා කුමක් සිදුකරන්නේද? ග්‍රීක රාජ්‍යයේ අත්හදා බැලූ ආකෘතිය මෙයටද අදාල වේ යැයි උපකල්පනය කළහොත් දැකිය හැකි චිත්‍රය වන්නේ ලෝකය පුරාම සිටින සරණාගතයින් ලංකාවේ පදිංචි කිරීම විය හැක. ග්‍රීසියට පැමිණෙන සරණාගතයින් හට ඉඳුම් හිටුම් දීම පවා ස්වදේශිකයින්ගේ ආදායම් මගක් බවට පත්ව ඇති බව කලකට ඉහත ජනමාධ්‍ය වාර්තාකර තිබුණි. කබ්‍රාල් ග්‍රීක බැඳුම්කර නඩුවෙන් නිදහස් වුනා සේ(කබ්‍රාල්ට ලබැඳියාව පිළිබඳ ගැටුමක් නොතිබුණි) නන්දලාල්ද ස්වෛරී හෝ උණුසුම් මුදල් ආයෝජන නඩු වලින් නිදහස් වනු ඇත. නමුත් අවසානයේ රට වැටෙන තැන පිළිබඳව වීදි සටන් පාඨයක්වත් නැගීමට තරම් හැකියාවක් ඇති ජනතාවක් ඉතිරිවේද යන්න පැහැදිලි නැත.
– යසස් ධර්මදාස –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...