දේශීය පුවත්

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ප්‍රමාද වන බැවින් අතුරුදන්වූවන් පිළිබද සොයා බලන කාර්යාලයක් උතුරේ මෙන්ම නැගෙනහිර ස්ථාපනය කිරීම අවශ්‍ය වන බව ආර් සම්පන්දන් මහතා පවසයි. දිවයිනට පැමිණ ඇති සත්‍ය ප්‍රවර්ධනය කිරීම, යුක්තිය හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් වන එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ .ඩී. ගරීෆ් (Pablo De Greiff)කොළඹ දී හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත.

අනතුරුව දෙමළ දේශපාලන සිරකරුවන් පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, එම රැදවියන් සිරභාරයට ගෙන ඇත්තේ පෞද්ගලික පරිහරණය සඳහා මංකොල්ලයකට හෝ සොරකමකට සම්බන්ධ වූ නිසා නොව ඔවුන් සියළු දෙනාගේම සිදුවීම් වල යම් දේශපාලන පැතිකඩක් ඇති නිසා බවය. එමනිසා එම නඩු දේශපාලන අර්ථයකින් යුක්තව විසදිය යුතු බව ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇති අතර, එසේම ලංකාවේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් ඉවත් කළ යුතු බව පිළි අරගෙන ඇති අවස්ථාවකදි එවැනි නීතියක් යටතේ පුද්ගලයින් රදවා තබා ගන්නේ කවර පදනමකින් යන්න සම්බන්ධන් විසින් මෙහිදි ප්‍රශ්න කර ඇත. එබැවින් සියළුම සිරකරුවන් නිදහස් කළ යුතු බවද ඔහු වශේෂ නියෝජිතයා වෙත දන්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More