දේශීය පුවත්

අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ යෝජනාවක් ලෙස ගෙන එන පාර්ලි‌‌මේන්තුවේ සම්මත කිරීමට සැරසෙන භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් සිදු වන්නේ භික්ෂුන් වහන්සේලා බේද කිරීමත්, භික්ෂුන් වහන්සේලා හට දඬුවම් කිරීමට නව නීති සෑදීමත් පමණක් බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

අද (19) පැවති ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

තව දුරටත් උන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ, අපි බුද්ධ පුත්‍රයන් ලෙස සැවොම බුද්ධ නීතියට යටත්. ඒ වගේම අපි ජීවත් වන රටේ සිවිල් නීතියට කොහොමත් යටත්. අපි එක එක නිකායන් යටතේ විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරනවා, උදාහරණයක් විදියට සමහර ස්වාමීන්වහන්සේලා ඇහි බැම කපනවා, සමහරු නොකපා ඉන්නවා, සමහරු සිවුර අඳින විදිහ වෙනස් , පාත්‍රයේ වළඳන එක , ගොටු අත්ත පාවිච්චි කරන එක , කුඩය පාවිච්චි කරන එක අන්න ඒවා ඒ ඒ නිකායන් වලට අදාල සම්ප්‍රදායන්.

ඒවා නීති විදියට ගෙන්න හදන එකයි මේ භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත මගින් ආණ්ඩුව කරන්න හදන්නේ. විනය කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි, සම්ප්‍රදාය කියන්නේ නීතියත් නෙමෙයි. සම්ප්‍රදාය තියෙන්නේ විනයටත් පහළින් තියෙන එකක්.

අන්න ඒ නිසා මේ සම්ප්‍රදායන් නීතියක් බවට පත්කරන එක මොන තරම් වැරදි සහගත ක්‍රියාවක් ද යන්න අපි ප්‍රශ්න කරනවා යැයි උන්වහන්සේ පැවසූහ.

ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි,

මහානායක හිමිවරුන්ගේ විරෝධයද නොතකමින් ගෙන එන ශාසන විරෝධී මෙම පනත මගින් විජයදාස රාජපක්ෂ මහතා ඉටුකරමින් සිටින්නේ ආණ්ඩුවේ මහා කුමන්ත‍්‍රණයේ කොටසක් බව ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියෝ පැවසූහ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින්, රට කෑලි වලට කඩමින්, රටේ සම්පත් විකුණමින් ආණ්ඩුව ගෙනයන ප‍්‍රතිපත්ති වලට එරෙහිව හඩ නගන භික්ෂූන්වහන්සේලාට සහ ජාතිමාමක බලවේග වෙනත් පැත්තකට යොමු කිරීම සදහා ආණ්ඩුව විසින් ගෙන යන මර්ධනකාරී කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක් බවද උන් වහන්සේ පවසා සිටියහ.

මෙම මාධ්‍ය හමුවට ආචාර්ය හෑගොඩ විපස්සි හිමි,ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරු ද එක්ව සිටියහ.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More