පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් මහතා රඳවා සිටින බන්ධනාගාර සිර මැදිරිය තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථන තුන හා සිම්කාඩ් පත් පහ සම්බන්ධයෙන් මතෛක් ලැබි ඇති දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව එම සිම්කාඩ්පත් භාවිතා කරමින් විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් සමග සම්බන්ධ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊයේ (19) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දුන්නාය.
එක් දුරකථන සමාගමකින් ගත් සිම්කාඩ්පත් සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්ලේෂණ වාර්තා මේ දක්වා ලැබි නොමැති බව ද එහිදී පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සියලු වාර්තා ලැබුණු පසු ඒ ඔස්සේ විධිමත් විමර්ශනයක් සිදුකර සුදුසු අධිකරණ හමුවේ අනාවරණය වන කරුණු මත වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දුන්නාය.
එම නඩුවේ 2 හා සිව්වන සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය.
ඊයේ 19 දිනයට නියමිත එම නඩු කටයුත්ත අවසන් වන අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් කරුණු දක්වමින් සිය සේවාදායකයන්ට ඊයේ (19) උදෑසන අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ සිට මේ දක්වා සිටිනුයේ නිරහාරව බවත් ඔවුනට ජලය හෝ ආහාර ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන නොමැති බවත් පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේ එම සැකකරුවන් භාරව පැමිණ සිටි බන්ධනාගාර නිලධාරියා කැඳවූ මහේස්ත්‍රාත්වරිය ආහාර හා ජලය සෑම මනුෂ්‍යයෙකුගේම මූලික අවශ්‍යතාවයක් බව පෙන්වා දෙමින් සැකකරුවන්ට ආහාර සැපයීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දැඩිව අවවාද කළාය. මින් ඉදිරියට එම සැකකරුවන්ට පමණක් නොව සෑම සැකකරුවෙකුට නියමිත පරිදි දිවා ආහාරය සැපයීමට වගබලාගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරිය එහිදී බන්ධනාගාර නිලධාරීන්ට දැඩිව අවවාද කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...