පාතාලය හා එක්සත් ජාතික පක්ෂය සමඟ ලේ නෑකම් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක සඳහන් පවසයි.
ඊයේ (19) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“පාතාලයයි එක්සත් ජාතික පක්ෂයයි අතර ලේ නෑකම් තියනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන අමාත්‍යවරය වෙලා ඉන්න කාලයේ එතුමාගේ පාර්ලිමේන්තු කාමරයේ හිටිය පුද්ගලයා තමයි ගෝනවල සුනිල්. පාසල් දරුවෙක් බලහත්කාරයෙන් උස්සගෙන ගිහිල්ලා දූෂණය කෙරුවාම ඒ පුද්ගලයාට ජනාධිපති සමාව දීලා එතුමා ගාව තමයි තියාගෙන හිටියේ. ගිය මැතිවරණය කාලේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු මුදල් අමාත්‍යවරයාගේ රැස්වීම් වල එතෙක් විදේශ ගතව හිටපු පාතාල නායකයෝ ලංකාවට ඇවිල්ලා ගැවසිච්ච බව වෙඩි තිබ්බා බව අපි කවුරුත් දන්නවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.
මෙම මාධ්‍ය සාකච්ඡාවේදි අදහස් දක්වමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පිළිබඳව අදහස් දැක්වූවා.
“අගමැතිවරයා ඔය අමාත්‍යවරයාව තමයි මීට මාස ගණනාවකට කලින් යෝජනා කරන්න නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස. ඒ වෙලාවේ අපි ගිහිල්ලා තුන් පාරක් ජනාධිපතිවරයාට කරුණු කිව්වා දෙන්න එපා ඔය ඇමතිකම කියලා, එහෙම බෑ කිව්වාම ඔය කියන අමාත්‍යවරයා ඇවිල්ලා නිර්දය ලෙස අපහාස කරනවා ජනාධිපතිවරයාට. අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනාවේ මහ බැංකුව මංකොල්ල කන්න. මේ ඇමතිවරයාට දෙන්න හදන්නේ නීතිය හා සාමය ඇමතිකම පාතලය ආරක්ෂා කරන්න.” මන්ත්‍රිවරයා පවසා සිටියා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...