ගෝඨාභය රාජපක්ෂ පිලිබදව මේ වනවිට මුලු රටම කතාකරමින් සිටි. ඒ ඔහු මීළග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ජාතික අපේක්ෂාවන් පෙරටුකොටගත් අපේක්ෂකයා ලෙසිනි. ඔහු ගේ සම්ප්‍රාප්තිය යනු රටට මිතුරු සියලු බලවේගවල ස්ථීරසාර වූ බලාපොරොත්තුවයි. එසේ වන්නට බොහෝ හේතු තිබේ. රාජපක්ෂ පිරබාහරන් සංග්‍රාමයේදී අති සාර්ථක යුධමය මෙහෙයුම්කරුවා වූයේ මේ ගෝඨාභය රාජපක්ෂයන් ය. කවුරු කොහොම කිව්වත් ඔහු ආරක්ෂක ලේකම් ධුරයේ නොසිටින්නට කිසි දිනෙක එල්.ටී.ටී.ඊ ය පැරදවීම යථාර්ථයක් නොවී හුදු සිහිනයක්ම වනු නොඅනුමානය.
ඔහු සංග්‍රාමික සැලසුම් වලින් ඔබ්බට ගොස් ඒ හා බැදුනු යටිතල පහසුකම් හා සෙබලාගේ සිට ඉහල නිල දරුවන්ගේ මානසික හා භෞතික සැප පහසුකම් ගැනද සැලකිලිමත්ව ඒ සියල්ල සපුරා ඔවුන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරලීමේ මහා සැලසුම්ද ක්‍රියාත්මක කලේය. සමස්ථ සමාජයම පෙලගැස්වීමේ ජාතික යාන්ත්‍රණයක් නිර්මාණය කලේය. ඔහුගේ සංග්‍රාමික මෙහෙයුම් අත්දැකීම් නිසාම අනිසි ජාත්‍යන්තර මැදිහත්වීම් වලට වැටබැදීමේ රාජ්‍යෝපාය ක්‍රමවේදයක්ද ඔහු සතුවිය. පිරබාහරන්ගේ අවාසනාවේ ඇත්ත කතාව එයයි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හා එහි ඇත්තෝ ගැත්තෝ කිවූ එල් ටී ටී ඊ ය කිසිදා පැරදවිය නොහැකි යන මතය පමණක් නොව පිරබාහරන් සමග මහා බලගතු ත්‍රස්තවාදය නන්දිකඩාල් කලපුවේදී අඩිහයක් පොලවෙන් යට වළලා දැමුවේය. ඒ ගෝඨාභය නම් වූ මහා යුගපුරුෂයාගේ සම්ප්‍රාප්තියයි.
2018 මැයි 18 න් පසු ගෝඨාභය රාජපක්ෂ සකල විධ පුරවැසියන්ගේ ජාතික බලාපොරොතුවක් වෙමින් ගෞරවාදරයට පත්විය. ඔහුගේ දෙවෙනි මෙහෙයුම නාගරික සංවර්ධනයේ මෙහෙයුමයි. අවිධිමත් අවලස්සන කොළොපුරය ඇතුලු තදාසන්න නගර සුන්දරව හා විධිමත්ව නිර්මාණය කිරීමේ සංවර්ධන සංග්‍රාමික ක්‍රියාන්විතයයි.එයද අතිසාර්ථකත්වයකින් සැලසුම් සහගතව හමාර කරමින් ලෝකයේ ලස්සනම අගනගර වලින් එකක් බවට කොළොම්පුරය පත්කලේය.. ඒ ගෝඨාභය රාජපක්ෂයන්ගේ විශිෂ්ඨ ශක්‍යතාවයයි. ඔහූ රට රකින රට හදන යුගපුරුෂයෙක්ගේ නොනිල භූමිකාවට පණ දුන්නේය.
2015 පර්සි මහේන්ද්‍ර රාජපක්ෂයන්ගේ ආණ්ඩුව පැරදවීය. රටට මිතුරු වෙසින් ආ හතුරු බලවේගය ජය ගනිමින් අද වනවිට මහා හතුරුකම් රටටත් අපටත් කරමින් සිටී. අපටත් රටටත් විපතින් ගැලවෙන මග රටට මිතුරු බලවේග විසින් නිර්මාණය කිරීමේ මෙහෙයුම් කරුවා ලෙස ගෝඨාභය රාජපක්ෂයන් කරලියට ගෙනවිත් තිබෙන මේ මොහොත අතිශය තීරණාත්මකය. ඔහුගේ භූමිකාව විය යුත්තේ ඓතිහාසිකව වසර දෙසීයක් පුරාවට අප ලාංකීය සමාජය අත්විදි හා අත්විදින මේ නරුම ඉරණමින් මව්පොළොව ගලවා ගැනීමේ මෙහෙයුම්කාර පූජනීය යුතුකමේ වගකීමය. රට රකින රට හදන නායකත්වයේ මහා භූමිකාවට ඔහු පණදිය යුත්තේය. මේ මව්පොළොවට වෙසෙසින්ම ආදරය කරන අපි හැමෝගේම ජාතික අපේක්ෂාව ද එයයි. එනිසාම ගෝඨාභය රාජපක්ෂ යනු ජාතික සළකුණක් විය යුත්තේය.
ඔහු අයත් විය යුත්තේ රටට මිසක් රාජපක්ෂ පවුලට හෝ දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායම් කල්ලියකට නොවේ.. ඔහු අනුගත විය යුත්තේ රටට මිතුරු කදවුරටය. ජාතික අපේක්ෂාව ද එයයි. ඔහු දිනවිය යුත්තේ ජාතික සම්මුතියකින් ය. රට රකින රට හදන ජාතිකව පළල් මහා වැඩපිලිවෙලක් සහිතව ඔහු දිනවිය යුත්තේය. ඒ වෙනුවෙන් ඔහු කිසිවෙකුගේ අයිතිකරුවෙක් නොවී රටටම හිමි මහා පුරුෂයා වියයුත්තේය. කළ යුත්තේය. ඔහු අයිතිකරගන්න වළිකන දුෂ්ඨ බලවේග හදුනාගෙන පරාජය කළහොත් පමණක් රටම අපේක්ෂා කරන ජාතික කීර්තිය සමග උස් නිදහසක් සහිත වූ මාතෘභූමියක් ගොඩනංවාලිය හැකිවනු ඇත. මෙතෙක් මව්පොළොවට අත්කරදුන් අපල උපද්‍රව පරාජය කල හැකිවනු ඇත. ඔහු මහා ඉහලින්ම ජයග්‍රහණය කරලීම උදෙසා ජාතික බලමුලු පෙළගැස්විය යුත්තේ පුලුල් ජාතික වැඩපිලිවෙලක් සහිතවූ පුලුල් ජාතික පෙරමුණක් ගොඩනංවාලීම තුලින් පමණකි.
මේ රටට ආදරය කරන එජාප සාමාජිකයාටද ශ්‍රිලනිප සාමාජිකයාටද ජවිපෙ සාමාජිකයාටද පොජපෙ සාමාජිකයාටද ජානිපෙ සාමාජිකයාටද එසේම සියලු රටට හිතෛෂී බලවේගවලටත් ,සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ හැමෝටමත් එක්සිත්ව එක්සත්ව පෙළගැසිය හැකි පුලුල් ජාතික පෙරමුණකින් පමණක් ඔහු ජයග්‍රහණය කළ යුත්තේය. ඉතින් එනිසාම ගෝඨාභය රාජපක්ෂයන් කාගෙවත් අයිතිකාරයෙක් නොවී මේ බිමට අසීමාන්තිකව ආදරය කරන සකලවිධ ජනී ජනයාගේ අසාමාන්‍ය යුගපුරුෂයකු විය යුත්තේය.
රජරට අනුරාධ තෙන්නකෝන්
සභාපති
රට ගොඩනැංවීමේ ජාතික එකමුතුව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...