දේශීය පුවත්

ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගන්නා පුද්ගලයෙකුට වසර දෙකක් යනතුරු ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකි ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් එක් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරයි.

ඊයේ(20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ඉවත් කිරීමත් සමඟ පක්ෂය තුළ අරගලය සියයට 50ක් පමණ ජයගත් බවත් ඉතුරු සියයට 50 ජයගනු ලබන්නේ ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා ඉවත් කර ගැනීමෙන් බව මන්ත්‍රීවරයා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට වන යෝජනාවක් මීළඟ මධ්‍යම කාරක සභා රැස්විමට ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ අතර ශ‍්‍රී ලංකාවේ මැතිවරණයකට තරග කරන්නේ නම් ඊට වසර දෙකකට පෙර ද්විත්ව පුරවැසි භාවයෙන් ඉවත් විය යුතු බවට වන යෝජනාවක් නව ව්‍යවස්ථා කෙටුම්පතේ සදහන්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද ඊයේ ගම්පොල ප්‍රෙද්ශයේ පැවති ජනහමුවක් අමතමින් පවසා සිටියේය‍.

එය පැහැදිලිවම ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉලක්ක කරගෙන ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැලැක්වීම සදහා ඇතුලත් කරන ලද්දක් යයිද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More