දේශීය පුවත්

රටක ගුවන්තොටුපොළක් විදේශීය සමාගමකට පැවැරීම එරට ආරක්ෂාවට විශාල තර්ජනයක් බැවින් මත්තල ගුවන්තොටුපොළ බදු දීම වහාම නැවැත්විය යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජවිපෙ නායකයා පැවැසුවේ මත්තල ගුවන්තොටුපොළ විකිණීම ලාභද _ පාඩුද යන්න තක්සේරු නොකොට රටේ ආරක්ෂාව හා ස්වෛරීභාවය ගැන සලකා බලා තක්සේරු කිරීම පාලකයන්ගේ වගකීම බවයි.

ලෝකයේ විවිධ රාජ්‍යයන් අතර විවිධ ප්‍රතිවිරෝධතාවන් හා ගැටුම් පවතින බවත් අප එවැනි ගැටුම්වල ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් නොවිය යුතු බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ඔහු පැවැසුවේ රටේ ගුවන්තොටුපොළක් විදේශ රටකට පැවැරීම හරහා අප එවැනි ගැටුම්කාරී තත්ත්වයන්ට මැදිවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩි වන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More