මහා සංඝරත්නයෙන් එල්ල වූ බරපතළ විරෝධය හමුවේ ආණ්ඩුව හකුළාගත් ථෙරවාද භික්ෂු කතිකාවත් පනත යළිත් වෙනත් මුහුණුවරකින් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් එල්ල වෙමින් තිබේ.
ඒ අතරම මරණීය දණ්ඩනයට නියමව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කිරීමත් සමඟ තවත් ආන්දෝලනාත්මක කතිකාවක් පැනනැඟී තිබේ. මේ ප්‍රශ්න අපි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් වෙත යොමු කළෙමු. උන්වහන්සේ දැක්වූ අදහස් මෙසේය.
ස්වාමීන් වහන්ස ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත නමින් ආණ්ඩුව ගෙන ඒමට උත්සාහ කළ පනත පසුව ඉවත් කර ගත්තා. දැන් එය නැවතත් ගෙන ඒමට සූදානම් වන බව කියවෙනවා. කුමක්ද මේ සිදුවන්නේ?
මේ ආණ්ඩුව 2015 සැප්තැම්බර් 1 වැනිදා ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතත් ගෙනාවා. බුද්ධ ශාසනයට ව්‍යාජ ආලයක් පෙන්වමින් ජාතික කාර්ය භාරයන්ගෙන් භික්ෂුන් ඉවත් කිරීමේ කූට උප්පරවැට්ටියක් මේ තුළ පැහැදිලිව තිබුණා. අපි ඒ අවස්ථාවේ දැඩි විරුද්ධත්වයක් මතු කළ නිසා ආණ්ඩුව එය හකුළා ගත්තා. භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත නැවත ගෙන ඒමට සූදානම් වන බව දැන ගන්නට ලැබී තිබෙනවා.
ඔබ වහන්සේලා ඊට විරුද්ධ වන්නේ ඇයි? කුමක්ද එහි තිබෙන අවදානම.
මේ පනතට අනුව ඒ ඒ නිකායන් අනුගත වී තිබෙන ආකාරයට කතිකාවත් ලියාපදිංචි කිරීමට අවස්ථාව ලැබෙනවා. අපි තේරුම් ගත යුතුයි සම්ප්රදාය කියන්නේ විනය නොවෙයි. නීතියකුත් නොවෙයි. සම්ප්රදාය තියෙන්නේ විනයටත් පහළින්. මේ පනතෙන් අදහස් කරන්නේ සම්ප්රදාය නීතියක් බවට පත් කරන්නයි. ඒක අවසානයේ දඬුවමක් දක්වා ගෙන යෑමට ආණ්ඩුව ඉඩ ප්‍රස්තා හදා ගන්නවා.
මෙහි තිබෙන භයානකකම තමයි භික්ෂුවකගේ වැරදි පිළිබඳව මහනායක හිමිවරු ක්‍රියාත්මක නොවුණොත් මහ නායක හිමිවරු උසාවි ගේන්නත් ආණ්ඩුවට පුළුවන් වෙනවා. මේ තුළින් මහනායක හිමිවරුන්ට ඉතිහාසය පුරා පැවැති ශාසනික අයිතීන් අහිමි කරනවා මෙන්ම භික්ෂුන් අනවශ්‍ය ලෙස හිර කිරීමද සිදු වෙනවා.
භික්ෂු ශාසනයේ චිර පැවැත්ම සඳහා කතිකාවත් ලියාපදිංචි කිරීම යහපත් අවශ්‍ය දෙයක් හැටියට අදහස් පළ වෙනවා.
සම්ප්රදාය නීතියක් වුණාම එකම විනයක් යටතේ ක්‍රියා කරන භික්ෂුන් වහන්සේ බෙදෙනවා. මේ ආණ්ඩුව යහපත් ආණ්ඩුවක් නොවෙයි. භික්ෂුන් වහන්සේලාට චීවරධාරීන් කියා අපහාස කරන ආණ්ඩුවක්. ආණ්ඩුවේ අරමුණම අපට සැකයි. ශාසනය සුරක්ෂිත කරන පිරිසුදු අදහසින් මේ පනත ගේනවා කියා අප සිතන්නේ නැහැ. භික්ෂුන්, රණවිරුවන් සංස්කෘතිය මේ ආණ්ඩුවට තියෙන පැහැදිලි අභියෝග. ආණ්ඩුව උත්සාහ ගන්නේ ඒ අභියෝග මැඩ පවත්වන්නයි.
ආණ්ඩුව මේ පනත් ගෙන ඒමට ප්‍රථම තෛ‍්‍රනිකායික මහා නායක හිමිවරු සමඟ කතා කළේ නැද්ද?
එහෙම පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ වුවමනාවක් ආණ්ඩුවට නැහැ. මේක භික්ෂුන් වහන්සේගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සම්ප්රදාය නීතිය බවට පත්කර භික්ෂුන් වහන්සේලා වරදකරුවන් හැටියට නම් කරන්න ඉඩ දෙන්න බැහැ.
හාමුදුරුවනේ භික්ෂුන් වහන්සේ රටේ පවතින නීතිය කඩ කරන අවස්ථා නිතර වාර්තා වෙනවා. නීතිය හැමට පොදුයි නේද? භික්ෂු විනය තහවුරු කිරීමට පියවර ගැනීම වරදක්ද?
වෙනත් කතිකාවක් අවශ්‍ය නැහැ. වරදකදී රටේ බලපවත්වන අපරාධ නීතිය යටතේ දඬුවම් කරන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ රටේ නීතියට පිටින් සිටියේ නැහැ. මහ නායක හිමිවරුන්ට භික්ෂුන් පාලනය කරන්න පාර්ලිමේන්තු නීතියකට යටත් වීමට සිදුවීමම වැරදියි. ඒ නිසා මේ සංඝ භේද පාප කර්මයට හවුල් නොවන ලෙස අපි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත වීම හේතුවෙන් අධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලද තැනැත්තන් සඳහා “මරණ දණ්ඩනය” ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. ඔබවහන්සේ මේ සම්බන්ධව දරන ස්ථාවරය කුමක්ද?
භික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ ප්රශ්නය දකින්නේ කොහොමද කියනව නම්… පැහැදිලිම අදහස තමයි මරණීය දණ්ඩනයට භික්ෂුන් වහන්සේ නමකට කිසිසේත් එකඟ විය නොහැකි වීම.
ඔබවහන්සේ එසේ සඳහන් කරන්නේ කවර කාරණා පදනම් කරගෙනද?
භික්ෂුන් වහන්සේගේ මහණකම රැඳෙන සහ මහණකම නැසෙන කාරණා තිබෙනවා. එයින් මහණකම නැතිවෙන කාරණා 4ක් තිබෙනවා. ඒවාට කියනවා හතර පාරාජිකා කියලා. ඉන් එකක් තමයි මනුෂ්‍ය ජීවිතයක් විනාශ කිරීම, එතැනදී “මරණ වන්ණත්වා සංවන්ණෙයිය මරණත්වා සමාධ වෙයිය’ මරණය වර්ණනා කිරීම, මරණයට යොමු කිරීම කියන කාරණාවල් මහණකම නැතිවෙන පාරාජිකා ලෙස සැලකෙනවා. ඒ නිසා මිනිස් ජීවිතයක් නැති කිරීම අගය කරන්න භික්ෂුන් වහන්සේට කිසිසේත්ම බැහැ.
මරණීය දණ්ඩනය දීමෙන් අපරාධ මර්දනය කළ හැකි බවට මතයක් ඉදිරිපත් වෙනවා.
මරණීය දණ්ඩනය පමුණුවා අපරාධ තුරන් කළ සමාජයක් ලෝකයේ නැහැ. බුදු දහම ඵලය නොවෙයි හේතුවයි දකින්නේ. බල්ලෙකුට ගලකින් ගැහුවොත් බල්ලා ගල පසුපස දුවනවා. සිංහයකුට ගලකින් ගැහුවොත් සිංහයා ගල ආවේ කොහෙන්ද කියා බලනවා. ඒ වගේ අපරාධවලට මූලයන් සොයාගෙන යනවා මිසක් අපරාධයේම තවත් වින්දිතයන් කොටසක් වූ අපරාධකරුවන් දඩයම් කිරීමෙන් අපරාධය නතර කරන්න පුළුවන් කියා හිතනවා නම් එය අතීසාරයට අමුඩ ගැසීමට සමානයි.
අපරාධ නැවැත්වීම මරණීය දණ්ඩනය පැනවීමෙන් සිදුකළ හැකි බවට මේ දිනවල ප්‍රබල සමාජ මතයක් ගොඩනැඟෙමින් තිබෙනවා.
එය ඉතාමත් දුප්පත් දිළිඳු චින්තනයක්. මිනිස්සු නිවැරැදි මිනිසුන් බවට පත්කළ හැක්කේ දණ්ඩනයෙන්ද? මෙවර මේ කතාව මතුවන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධවයි.
ජනාධිපතිවරයා කියන්නේ මරණ දණ්ඩනයට නියම වූවන් සිරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන නිසා ඔවුන් එල්ලා දැමිය යුතු බවයි.
සිරගෙදර සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන යාන්ත්‍රණය මුලිනුපුටා දමනවා මිසක ඔවුන් එල්ලා දැමීමද කළ යුත්තේ? මේක අපේ රාජ්‍ය ආයතනවල අකාර්යක්ෂමභාවය පිළිබඳ ගැටලුවක්. වැරැදි තැනින් අල්ලා ගැනීමක්. කළ යුත්තේ අදාළ ආයතන නිවැරැදිව පරිපාලනය කිරීම. ආයතන සංග්‍රහයට අනුව දඬුවම් කළ යුත්තේ වගකීම් පැහැර හරින නිලධාරීන්ට.
මහා සංඝරත්නයේ අනුශාසනා මත පදනම්ව පැවතුණු ලංකාවේ පැරැණි රාජාණ්ඩුවල මරණ දණ්ඩනය දරුණු අන්දමින් යොදාගත් බව ඉතිහාසයේ සඳහන් වෙනවා.
එය වැරැදි මතයක්. හේතුව මහා සංඝයාට ඇහුම්කන් නොදුන් රජවරු සිටියා.
චෝදනාවන්ට ලක්වූ භික්ෂුන්ට පවා මරණ දණ්ඩනය පමුණුවා තිබෙනවා.
ඔව්. මහා විහාරය විනාශ කළ අවස්ථාවේ එසේ කළ බව අපි දන්නවා. කණාමැදිරි වළේ භික්ෂුන් ගිල්වා මැරූ බව අසා තිබෙනවා. රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දමා පුලුස්සා මරණයට පත් කළ බවත් සඳහන් වෙනවා. එවැනි විශේෂ අවස්ථා තිබුණට මාඝාතය වැනි ආඥා පනවා සතෙක් සිවුපාවෙක්වත් ඝාතනය නොකරපු ඉතිහාසයක් අපට තිබෙනවා.
නීති සම්මත කර පනවා තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. එහෙම නම් කොහොමද රටේ අපරාධ නීතියට මරණ දණ්ඩනය ඇතුළත් වුණේ.
අපේ රටේ නීතිය සකස්ව ඇත්තේ ජනතාවගේ චින්තනයට අනුව නොවෙයි. වෙනත් රටක උදවියගේ චින්තනයට අනුවයි. කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම් ආගම් පවත්නා රටවල ඔවුන්ගේ චින්තනයට අනුව නීති සකස්වී තිබෙනවා. ලංකාවේ වසර 2500ක් බුදු දහම එක්ක සකස්වූ චින්තනයක් තිබෙනවා. අපේ නීති පද්ධති ඒ අනුව සකස් විය යුතුයි. අපට තිබෙන ප්රශ්නය අපේ චින්තනය බෞද්ධ. අපේ නීතිය බෞද්ධ නොවන නීතිය. මෙතැන ගැටලුව බෞද්ධ නොවන නීතියක් යටතේ එල්ලා මරන්න තීරණය කරන කොට ඒකට අවශ්‍ය මනස හදාගත් බෞද්ධයන් වන අපට බැරි වීම.
අධිරාජ්‍යවාදීන් අපේ භූමිය අත්පත්කර ගනිද්දී ඊට එරෙහි වූ දේශප්‍රේමීන් සිය ගණන් ඝාතනය කළේත් පවතින රෝම ලන්දේසි නීතිය යටතේ.
අන්න හරි, ඒ නීතිය තුළින්ම තමයි අද අපි මරණ දණ්ඩනය දිය යුතු යැයි කෑගහන්නේ. මරණ දණ්ඩනය දේශීය චින්තනයෙන් බිහිවූ එකක් නොවෙයි. අපට ආගන්තුක බටහිර චින්තනයෙන් බිහිවූ එකක්. මේක කිසිසේත්ම බුදු දහම සමඟ එකඟ වන්නේ නැහැ.
මරණ දණ්ඩනය පැමිණිය යුතුය කියන අදහස රටේ ජනතාව අතරත් තදින් මුල් බැස තිබෙනවා. උදේ හවස බණ අහන බණ කියන රටක් මෙහෙම වුණේ කොහොමද? අනෙක් පැත්තෙන් අපරාධ එන්න එන්නම වැඩි වෙනවා.
ඉතා පැහැදිලියි මේකට ප්‍රධාන හේතුව තමයි දේශපාලන පොරපිටිය. බලු පොරය, මේක ඇතුළේ මිනිස්සුන්ගේ ගුණධර්ම, සදාචාර සංවර්ධනය සමාජ යහපැවැත්ම අවධාරණය කරන්නේ නැහැ. වංචාව, දූෂණය, බොරුව, තරගකාරිත්වය තමයි පවතින දේශපාලනය තුළ රජයන්නේ. අපරාධ දවසින් දවස වැඩිවීමට වගකිව යුත්තේ පවතින ජරාජීර්ණ දේශපාලන ක්‍රමයයි. අනෙක අපේ රටේ මාධ්‍ය. වසර 25ක මාධ්‍ය සංස්කෘතිය බැලුවොත් මාධ්‍ය මිනිසුන්ගේ මනසට මොනවද එකතු කළේ. සේයා මොන්ටිසෝරි යන දුවක්. විද්‍යා පාසල් යන දුවක්. මේ දැරියන් දෙදෙනා කාම වස්තූන් බවට පත්කළේ අපේ රටේ විද්‍යුත් මාධ්‍ය නොවෙයිද? ටෙලි නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය ඒවා මිනිසුන්ගේ මනස කාම භරිත කරනවා. ඉන්දීය රූපවාහිනි නාට්‍යවලට හඬකවා අපේ සමාජ සාරධර්ම සෝදා හරිනවා.
ඉතින් හාමුදුරුවනේ දැන් වාණිජ ලෝකේ හැමදේම කරන්නේ රේටින් (අඒඊධ්ව්ට්) බලාගෙන භාණ්ඩ විකුණ ගන්නනෙ.
ඔව්. ඔක්කොම රූපවාහිනි වැඩසටහන් කරන්නේ රේටින් බලාගෙනනෙ. ඔවුන්ට වැදගත් වෙන්නේ කොච්චර ප්‍රේක්ෂක පිරිසක් බලනවද කියන කාරණය විතරයි. වෙළෙඳ දැන්වීම් ලැබෙන්නේ ඒ අනුවනේ. සදාචාරය බල්ලට ගියත් ඒ අයට කමක් නැහැ.
ස්වාමීන් වහන්ස 21 වැනි සියවසේ ලෝකය විශ්ව ගම්මානයක් වී තිබෙනවා. නවීන තාක්ෂණික මෙවලම් හරහා රටකට ඇතුළු වන මෙවැනි දේවලට සීමාවක් පනවන්න නොහැකි බවයි කියන්නේ
විවෘත ආර්ථිකයත් සමඟ විශාල සෝදාපාළුවක් ඇති වුණා අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප ගුණධර්මවලට. ඒකට හේතුව අන්තර්ජාලය ඔස්සේ එන කුණු කන්දල්ම කියා කියන්න බැහැ. චීනය වගේ රටක් ගත්තොත් රටේ ආරක්ෂාව සඳහා අන්තර්ජාලයට පවා යම් සීමාවන් පනවා තිබෙනවා. ඉන්දියාව, ජපානය වගේ රටවල් ගත්තත් ඒ අය මේ තාක්ෂණය හඳුන්වාදී තිබෙන්නේ තමන්ගෙ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා සීමාවන් පැනවීමෙන් පසුවයි. අපේ රටේ මේ තාක්ෂණයට නියාමනයක් නෑ. බ්ලූ වේල් (ඕඹ්උඡ් එඒඹ්ඡ්) වගේ වෙබ් අඩවි නිසා දරුවන් දිවි නසා ගන්නවා.
විවිධ කාම ජවනිකා සීමාවක් නැතිව බාගත කරගන්න දරුවන්ට හැකියාව ලැබිලා. ඒ දේවලට සීමාවන් පැනවිය හැකි පිරිපහදු ක්‍රම මේ තාක්ෂණය තුළ තිබෙනවා. ප්රශ්නය ඒවා අප අනුගමනය නොකිරීම. අපේ රටේ මේ හැම දෙයක් සම්බන්ධයෙන්ම අනුගමනය කරන්නේ වල්බූරු නිදහසක්. මේ කරන්නේ එක් පුද්ගලයකුගේ නිදහස ආරක්ෂා කිරීමට සමස්ත සමාජයේම අක්මුල් සිඳ දැමීම.
ජනපති ප්‍රකාශ කර තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට මරණ දඬුවම දිය යුතු බව. ඔබවහන්සේ එසේ නොවිය යුතු බවට කරුණු දක්වනවා. එසේ නම් කළ යුත්තේ කුමක්ද? අද මේ වසංගතය රටේ අවසන් නියම් ගම දක්වාම පැතිරිලා.
අපේ රටේ මේ ජාවාරම්වල මුල ඉන්නේ දේශපාලනඥයෝ. ඔවුන්ට දේශපාලනය කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්නෙ මේ ජාවාරම්වලින්. මේ රට හැදෙන්න නම් පළමු කොටම ජනතාව සබුද්ධික විය යුතුයි.
ඔබවහන්සේ එහෙම සඳහන් කළාට අපේ රටේ ජනතාව බොහෝ විට ඡන්දය දෙන්නේ හොරුන්ට, මැරයන්ට නීති විරෝධී ජාවාරම්වල යෙදෙන අයට
බත් පැකට්ටුවට, මත්පැන් වීදුරුවට සුළු සුළු වාසි තකා තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන තැනට මිනිසුන්ගේ මනස දිළිඳු වෙලා. මේක එකිනෙකාට ප්‍රත්‍ය වෙලා. ඒකට ධර්මයේ කියන්නෙ “අඥ මඤ පච්ච” කියල. මිනිසුන්ගේ දිළිඳු භාවය පාදක කර ගනිමින් මේ දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යනවා. ඒ වගේම යළිත් අනෙක් අතට මිනිසුන්ගේ දිළිඳු භාවය පවත්වා ගැනීමටත් මේ දේශපාලන සංස්කෘතිය හේතු වෙනවා. මේක වෙනස් කරන්න නම් හොඳ “ක්ලීන් සූට් දේශපාලනයක්” රටට අවශ්‍යයි.
ස්වාමීන් වහන්ස, වර්තමාන සමාජයේ සියලු දුරාචාරවල නියැළෙන්නේ සුදු ඇඳගත් ක්ලීන් සූට් මහත්වරුම තමයි.
මා සඳහන් කරන්නේ වෘත්තීය දේශපාලනඥයන් ගැන. දැනට ඉන්නේ වෘත්තීය දේශපාලනඥයන් නොවේ. දේශපාලනය මේ අයගේ ආදායම් මාර්ගය. වෘත්තීය දේශපාලනඥයෝ කියන්නේ රට වෙනුවෙන් ස්වේච්ඡා සේවයක නිරත වන, රටට ගෞරවය ආදරය ඇති යහපත් ආකල්ප ඇති නිවැරැදි උසස් මනසකින් යුතු දේශපාලනඥයෝ.
මේ උවදුර වළක්වා ගැනීමට ඔබවහන්සේ යෝජනා කරන්නේ කුමක්ද?
හිරගෙදර ඉන්න මනුස්සයෙක් දෙන්නෙක් එල්ලා මරුවා කියා මේව වළක්වන්න බෑ. අංක එක අපේ රේගුවට නිසි පාලනයක් අවශ්‍ය වෙනවා. රට වටේ මුහුදට නිසි ආරක්ෂාව දෙන්න ඕන. මේ දූෂිත ව්‍යාපාරවල යෙදෙන දූෂිත ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් හඳුනා ගැනීම අවශ්‍යයි. එසේ නොකොට අවසානයට ඉන්න මරණ දඬුවමට නියම වූ මිනිසා එකම හේතුව ලෙස සලකා එල්ලා මරා දැමීමෙන් මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්න බැහැ. ඔහු ඒ තත්ත්වයට පත් වුණේ මේ සමාජ ක්රමයේම වරදින්. අපි නොසලකන දෙයක් තියෙනවා. ඔහුත් මේ ප්රශ්නයේ වින්දිතයෙක්.
උදේනි සමන් කුමාර
-Mawbima
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...