රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් වෙත ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරාධනයක් සිදුකර තිබේ.
පසුගියදා ෆින්ලන්තයේදී පැවති දෙරටේ නායක දෙපළගේ හමුව සමග ඇති වූ සබඳතා සමග මෙම ආරාධනය සිදුකර ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත්, රුසියානු ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති මෙම අරාධනය සම්බන්ධයෙන් ඇමෙරිකානු බුද්ධ අංශ අධ්‍යක්ෂවරයාට සජීව රූපවාහිනී වැඩසටහනකදී පවසන විට ඔහුට එය විශ්වාස කළ නොහැකිව සිනහ පහළ කර ඇත.
“ඒක විශේෂ අවස්ථාවක් වෙන්නයි යන්නෙ”, යනුවෙන් එහිදී බුද්ධ අංශ අධ්‍යක්ෂ ඩැන් කොස්තා පවසා තිබුණි.
ඇමෙරිකානු නායකයා සහ රුසියානු නායකයා අතර සිදුවූ හමුවෙන් අනතුරුව ඇමෙරිකානු දේශපාලන ස්ථාවරත්වය යම් දෙදරීමකට ලක්ව ඇති බවද කියැවෙයි.
විශේෂයෙන්ම මෙම හමුවේදී පැය දෙකකට අධික කාලයක් නායක දෙපළ විසින් සිදුකළ පෞද්ගලික සාකච්ඡාවේ විස්තර ඩිමොක්‍රටික් පක්ෂය මේ වනවිට ඉල්ලමින් සිටියි.
විශේෂයෙන්ම 2016 ජනාධිපතිවරණයේදී රුසියානු අතපෙවීමක් පැවති බවට සිදුවන පරීක්ෂණ හමුවේ රුසියානු නායකයා හමුවීම මෙන්ම, ඔහුට අමෙරිකාවට ඇරයුම් කිරීම පිළිබඳ මෙම විවේචන එල්ල වෙමින් පවතී.
නමුත්, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම, රුසියානු නායක පූටීන්ද මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ට්‍රම්ප් පවසන්නේ දේශපාලන විසඳුමකට වඩා යුද්ධයකට රට තල්ලු කිරීමට විරුද්ධ පක්ෂ කටයුතු කරන බවයි.
පූටින්ද පවසා තිබුණේ ඇමෙරිකාවේ සාම්ප්‍රදායික න්‍යාය පත්‍රයෙන් පිට යෑමට එරට බොහෝ දේශපලඥයන් අකැමැති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...