දේශීය පුවත්

සිරිකොත ගමට ගෙනයන වැඩපිළිවෙළ අනුව එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කර පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ කටයුතු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ආරම්භ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා සියලුම දිස්ත්‍රික් සංවිධාන හමුවීම් සහ රැස්වීම් මාලාව ජූලි මස 21 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත අතර මේ සඳහා අදාළ දිස්ත්‍රික්වල එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද පළාත් පාලන නියෝජිතවරුන් සහ දිස්ත්‍රික් සහ ආසන සංවිධාකයින් සහ කළමනාකරුවන් ද සහභාගිවීමට නියමිතය.

මෙම හමුවීම්වලදී එක්සත් ජාතික පක්ෂය ඉදිරි මැතිවරණවලදී ජයග්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඒ සඳහා පක්ෂ සාමාජිකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමත් සිදු කෙරේ. මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් සහ පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමට ද අපේක්ෂිතය.

ජූලි 21 දින කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීමෙන් ආරම්භ කෙරෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ රැස්වීම් මාලවේ දෙවැන්න එදිනම සවස පොළොන්නරු දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More