දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ රජය ගත් තීන්දුව කුමන අන්දමේ විරෝධතා මතුවුව ද කි‍්‍රයාත්මක කිරීමේ තීරණය වෙනස් නොකරන බවද ජනපතිවරයා සඳහන් කළේය.

නීතිය, බන්ධනාගාර, අධිකරණ යන අදාළ ක්ෂේත‍්‍රවල ප‍්‍රධානීන්ගේ සාකච්ඡාවක් තමා විසින් ලබන අඟහරුවාදා කැඳවා තිබෙන අතර එහිදී එම සියලූ ක්ෂේත‍්‍ර නියෝජනය වන පරිදි කමිටුවත් පත් කරන බවත්, මරණීය දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයින්ගේ නම් සහ එම දින වකවානු එම කමිටුව විසින් තීරණය කරනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ චීන රජයෙන් ලැබුණු පූර්ණ පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන චීන – ශී‍්‍ර ලංකා මිත‍්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (21දා) පෙරවරුවේ එක් වෙමිනි.

සමාජය පරිහානියට ලක්වන තත්ත්වයක් තුළ නීති කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කිරීම සහ වැළැක්වීම කිසිසේත් සුදුසු නොවන බවද ඔහු පැවැසීය.

මරණ දණ්ඩනය ක‍්‍රියාත්මක කලහොත් GSP බදු සහනය අහෝසි විය හැකි බවට අනතුරු අගවා ඇති යුරෝපා සංගමය සිය විරෝධය ජනාධිපතිවරයාට ලිඛිතවය දන්වා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More