ට්විටර් සමඟ තරඟ වැදීම සඳහා මෙටා සමාගම දියත් කළ ත්‍රෙඩ්ස් (Threads) අද(06) උදෑසන එම සමාගම මහ ජනයා වෙත මුදා හැර තිබේ.
එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තේ පළමු පැය හතර තුළ ග්‍රාහකයින් මිලියන 5ක් ඒ හා සම්බන්ධ වී ඇති බවය.
මෙම නව මෙවලම ට්විටර් ජාලයට දැඩි තර්ජනයක් විය හැකි බව විචාරකයෝ පවසන අතර, විශේෂයෙන්ම ට්විටර් හිමිකරු වන ඊලොන් මස්ක් මෑතකදී සිදුකළ වෙනස්කම් හේතුවෙන් සමහර ග්‍රාහකයින් ඊට අකමැත්තක් පළ කර ඇති පසුබිමක මෙම නව මෙවලම සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙතැයි අපේක්ෂා කෙරේ.
මේ අතර, ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ.
වසර 11 කට පසුව ට්විටර් වෙත පැමිණි මාර්ක් සකර්බර්ග් කිසිවක් නොපවසා රූපමය සටහනක් පමණක් තබා ගොස් ඇත.
ද්විත්ව අනන්‍යතාවයක් සහිත ස්පයිඩර් මෑන් රූ සටහනක් මාර්ක් සකර්බර්ග් ට්විටර් හි තබා ඇත. ඉන් අදහස් වන්නේ ට්විටර් සමාජ මාධ්‍යයට සියයට 100 සමාන තවත් අමුත්තෙක් සමාජ මාධ්‍ය වෙත පැමිණියා යන්න බව විශ්ලේෂකයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...