රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඇල්ජීරියානු සහ මොරොක්කෝ සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකුට පොලිස් වෙඩි තැබීමෙන් පසු ප්‍රංශයේ පෙර නොවූ විරූ ලෙස ප්‍රචණ්ඩත්වය ඉහළ යාම ගැන දැඩි කනස්සල්ල පළ කළ අතර, ඕනෑම ආකාරයක පොලිස් ම්ලේච්ඡ ක්‍රියාවක් භාවිතා කිරීමට එරෙහිවද පැරීසියට අනතුරු ඇඟවීමටද කටයුතු කළාය.
“ප්‍රංශය කැළඹීමට තුඩු දුන් මිනීමැරුමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට දඬුවම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අපි ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රංශයේ පැන නැගී ඇති තත්වය අපගේ පොදු යුරෝපා මහාද්වීපයේ ආරක්ෂාවට තර්ජනයක් නොවිය යුතුයි. ”සකාරෝවා ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.
ප්‍රංශයේ වීදි ප්‍රචණ්ඩත්වයේ නවතම රැල්ල මධ්‍යයේ, ප්‍රචණ්ඩත්වය සඳහා වේදිකාව සකසා ඇති බව විශ්වාස කරන පොලිස් ම්ලේච්ඡත්වය මෙන්ම ව්‍යාපාර රාශියක් කොල්ලකා නිලධාරීන් සිය ගණනක් තුවාල කර ඇති කැරලිකරුවන් විසින් ඇති කළ ව්‍යසනය යන දෙකම හෙළා දැකීමට රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව කටයුතු කළාය.
“පසුගිය වසර කිහිපය තුළ ප්‍රංශයේ මානව හිමිකම් කඩවීම් සහ පොලිස් ම්ලේච්ඡ ක්‍රියා රාශියක් අප අත් විඳ තිබෙනවා. නමුත් 17 හැවිරිදි ඇල්ජීරියානු යෞවනයෙකු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීම මගින් මානව හිමිකම්වල තොටිල්ල ලෙස විරුදාවලිය ලැබූ ප්‍රංශය ලොවට පෙන්නු කළේ රට තුළ පවතින ගැටලුවල සැබෑ තත්වයයි.” ඇය වැඩිදුරටත් පැවසුවාය.
“වැඩිවෙන විජාතික භීතිකාව, සංක්‍රමණිකයන් කෙරෙහි ඇති සතුරුකම සහ යුදෙව් විරෝධී ප්‍රකාශනයන් නොසලකා හැරීම දුෂ්කර ය” යනුවෙන් ප්‍රකාශ කළ සකාරෝවා ප්‍රංශ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ “සමාජයේ වැඩෙන රැඩිකල්කරණය” බැරෑරුම් ලෙස සලකන ලෙසය.
යුක්රේනයට සැපයූ ප්‍රංශ ආයුධ ප්‍රංශයෙන්ම මතු වූ බවත්, කැරලිකරුවන් විසින් පොලිසියට පහර දීම සඳහා ඒවා භාවිතා කර ඇති බවත් සකාරෝවා අනාවරණය කළාය. “බහුවිධ මාධ්‍ය වාර්තා වලට අනුව, ප්‍රංශයේ කැරලි වලදී නව-නාසි කණ්ඩායම් සෘජුව සම්බන්ධව සිටිති.”
පැරිස් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන ආකාරය සම්බන්ධයෙන් වෙනත් ජාතීන් විවේචනය කිරීම නවත්වා ඒ වෙනුවට තමන්ට අනන්‍ය වූ ගැටලු විසඳීම සහ තම පුරවැසියන් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සකාරෝවා අවධාරණය කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...