යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රසිද්ධියේ විවේචනය කළ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු නිදහසට කරුණු විමසීම සඳහා ලබන සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවට කැඳවීමට තීරණය කර ඇත.
වෙනත් පක්‍ෂයක නායකයකු වන මෙම ඇමැතිවරයා පසුගිය මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ අයෙකි.
මෙම ඇමැතිවරයා තමන් හමුවට කැඳවා ඔහු මාධ්‍ය ඔස්‌සේ කළ ප්‍රකාශ පිළිබඳ අගමැතිවරයා විසින් කරුණු විමසීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග ස්‍රදහන් කරයි.
මෙම ඇමැතිවරයා යහපාලන ජාතික රජයේ ප්‍රතිපත්ති විවේචනය කරන බවට ආණ්‌ඩුවේ තවත් ප්‍රබල ඇමැතිවරු පිරිසක් කළ පැමිණිල්ලකට අනුව අගමැතිවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා ඇත.
මහ මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු අනුව අරඹා ඇති ව්‍යාපෘති මෙම ඇමැතිවරයා විසින් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම උචිත නොවන බවට ද ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු අගමැතිවරයාට කරුණු දක්‌වා ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...