දේශීය පුවත්

16 කණ්ඩායමේ සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා යළිත් ඇමැති පට්ටමක් ගෙන ආණ්ඩුවට එක්වීමේ සූදානමක් පවතින වාර්තා වේ. ඔහු මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු රැස්වීමකට හෝ සාකච්ඡාවකට සහභාගී නොවන අතර තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කළ බව ප්‍රකාශකර ඇත. ආණ්ඩුවෙන් යළිත් ඇමැති ධූරයක් ලබා ගන්නැයි ඉල්ලීම් ලැබුණු බවද මන්ත්‍රීවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

කෙසේ නමුත් දයාසිරි මන්ත්‍රීවරයාගේ තවත් ප්‍රධාන ඉලක්කයක් වන්නේ ශ්‍රීලනිපයේ ප්‍රධාන තනතුරක් වන මහ ලේකම් ධූරය හිමිකර ගැනීමයි. ඒ සඳහාද ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබේ.

ඒ අනුව සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේදී පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පත් කර ගැනීමේ සූදානමක් පවතින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග පැවසී ය.

පක්ෂය තුළ කල්ලි කණ්ඩායම් බෙදීම් නොමැති බවත් පක්ෂයේ තීරණය මත ඒකමතිකව මහ ලේකම් ධූරය තමාට හිමිවුවහොත් පක්ෂය වෙනුවෙන් වැඩ කටයුතු කරන බවත් දයාසිරි මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවයෙන් ඉඟියක් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ජයසේකර මහතා පක්ෂයේ මහ ලේකම් ලෙස පත්කිරීමට තීරණය කළහොත් එයට විරෝධයක් නොමැති බවයි.

ඔහුට එම තනතුර දැරීමට දක්ෂතාවක් තිබෙන අතර ඔහු ගැන අපේ විශ්වාසයක් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

දින 45ක් ඇතුළත පක්ෂයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමේ වැඩසටහන යටතේ දැනට පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස කටයුතු කරනුයේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතායි.

නීතිඥයකු ලෙස කටයුතු කරන දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්වරයෙකි. 1994දී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයෙන් ශ්‍රීලනිපයට එක් වූ ඔහු 1997දී ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයකු ලෙස වැඩි ඡන්දයෙන් තේරී පත්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More