දේශීය පුවත්

පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක් එක් කිරීමේදී රුපියල් දෙකෝටි දස ලක්ෂයක පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා (කෝප්) රැස්වීමේදී තොරතුරු අනාවරණය වී තිබේ.

එමෙන්ම, මීගමුව බීජ පොල් ඒකකය වෙනුවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා උපදේශන සමාගමකට රුපියල් විසි ලක්ෂයකට ආසන්න මුදලක් ගෙවීම සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව එහි නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මේ තොරතුරු අනාවරණය වූයේ පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන වල කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට පසුගිය 21 වැනි දා කැඳවූ අවස්ථාවේදීය.

පොල් සංවර්ධන අධිකාරියේ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ පොල් පර්යේෂණ මණ්ඩලයේ පරිපාලන ගැටලු සහ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් එහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම්වල වගාවන්ට අවසන්වරට පොහොර යෙදීම කර ඇත්තේ 2016 වසරේ බවද එහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් සියයට 78 ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක් බව පවසන කෝප් කමිටුවඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයකට ගිවිසුමක් තොරව රුපියල් දස ලක්ෂයක අන්තිකාරම් මුදලක් ගෙවීමද ගැටලු සහගත බව සඳහන් කරයි.

මේ අතර සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි පෙනී නොසිටි 6 දෙනෙකු හිටපු සභාපතිවරයා හිතුමතේ සේවයට බදවා ගැනීම පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

එසේම පොල් වගාවට නිසි කලට පොහොර නොයෙදීම නිසා රෝග ඇතිවීමේ අවදානමක් බවතින බව නිලධාරීහු පෙන්වා දුන්හ. රජයට අයත් පොල්වගාවන්ට කලට වෙලාවට පොහොර නොයෙදීම පිළිබදව කමිටුවේ අප්‍රසාදය පළවිය.

මෙරට පරිභෝජනය සඳහා 2020-2022 කාලය තුළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 187,623ක්ද ෆාම් ඔයිල් මෙ.ටොන් 225,510 ක්ද ආනයනය කර ඇති බව එහිදී තොරතුරු අනාවරණයවිය. මේ අනුව මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් සියයට 22ක් දේශීය නිෂ්පාදනයෙන්ද සියයට 78ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක් බව කමිටුව පවසයි.

එසේම ආනයනික පොල්තෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලු පිළිබදවද දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කැඳවා මේ පිළිබදව පුළුල් විමර්ශනයක් කිරීමට ද තීරණය වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More