මහින්ද චින්තන සංවර්ධන ව්‍යාපෘති විදේශිකයන්ට විකුණා වත්මන් රජය අදූරදර්ශී පාලනයක නිරත වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
අද නුවරඑළිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
2005 දී මහින්ද රාජපක්ෂ මහතා රට භාර ගත්තේ අභියෝග රැසක් මැදයි. අවුරුදු ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයෙන් රට වෙළාගෙන තිබුණා. රටේ ආර්ථිකය, ජනජීවිතය, සංවර්ධනය ඇනහිට තිබුණා. මේ අභියෝග මැද තමයි එතුමාව රටේ නායකත්වයට ජනතාව විශ්වාසයෙන් යුතුව පත් කර ගත්තේ. එතුමා ඉතා කෙටි කාලයකින් යුද්ධය අවසන් කළා. ඒ වගේම රටේ ආර්ථිකය ගොඩගන්න රට සංවර්ධනය කරන්න පටන් ගත්තා. උතුරේත්, දකුණේත් කඩාවැටුණු ජනජීවිතය ගොඩනැංවූවා.
මහින්ද චින්තනයේ ඇතුළත් වෙලා තිබුණේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්. සෑම විටම සංවර්ධනයේ ප්රතිලාභ ලැබිය යුත්තේ ජනතාවටයි කියන මතයේ තමයි පසුගිය රජය හිටියේ. රටක සංවර්ධනයක් ඇති වන අවස්ථාවක රටේ ජනතාවට සමානව බෙදී යා යුතුයි. ඒ නිසා තමයි එතුමා නගරය වගේම ගමත් දියුණු කළේ. විදුලිය, මංමාවත් ඇති කළා. සෞඛ්‍ය පහසුකම් දියුණු කළා. විද්‍යෝදය විද්‍යාගාර ඇති කළා. මෙවැනි ක්‍රියා තුළින් එතුමා අදහස් කළේ විශේෂයෙන්ම දරිද්‍රතාවයෙන් පහළ ජනතාව ඉහළට ගැනීමටයි. ඒ නිසා තමයි මහින්ද චින්තනයට අනුව ගම ආශ්රිත සංවර්ධනය ඇති කළේ. ගම කඩාවැටුණහොත් රටේ සංවර්ධනයක් නැහැ. මුදල් දීමෙන් පමණක් දිළිදුභාවය නැති කරන්න බැහැ. ඔවුන්ව දියුණු කිරීම අවශ්‍යයි. එදා අපි ගමේ ගෙන ගිය සංවර්ධනය 2015 න් පසුව අතරමග නතර වුණා. අපි නැවතත් එතුමාගේ නායකත්වයෙන් යුත් රජයකදී නතර වුණු සංවර්ධනය ඉදිරියට ගෙන යෑමට අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ රජයක් අපි යළි බිහිකළ යුතුයි.
ගමේ සංවර්ධනය නතර වීමෙන් ජනතාවට දුකක් විඳින්නට සිදුවෙලා තිබෙනවා. වත්මන් ආණ්ඩුව ආර්ථිකය, සංවර්ධනය, ආරක්ෂාව පෙරළා දැම්මා. දැන් ගමත් පෙරළන්න ගම්පෙරළිය ගෙනැල්ලා. ගමේ අපේකම, සංස්කෘතිය අවසන් කරන්නයි ගම්පෙරළිය ගේන්න හදන්නේ. මහින්ද චින්තනය යටතේ එදා ආරම්භ කළ ගම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනතාවගේ ආදායම් මාර්ග ඉහළට ගෙන ඒමට අවශ්‍යයි. ජනතාවගේ ආදායම වැඩි කරන ක්‍රම හඳුන්වා දිය යුතුයි. එළවළු ගොවීන්ට නවීන තාක්ෂණ ක්‍රම හඳුන්වා දිය යුතුව තිබෙනවා. පහළ මට්ටමේ ජනතාවගේ ජීවන තත්්ත්වය ඉහළට නැංවීමට නිවසක් ලබාදීමට අවශ්‍යයි. සෞඛ්‍ය සේවා, අධ්‍යාපනයක් සකස් කිරීමට අවශ්‍යයි. මේ සැලසුම් අනුව තමයි ඉදිරියේදී රට පාලනය කිරීමට අපි කටයුතු කරන්නේ.
එළිය සංවිධානයෙන් අද රටේ තත්ත්වය ගැන ජනතාව දැනුවත් කරනවා. වියත්මග සංවිධානය හරහා මේ රටේ විද්වතුන් එකතු කරලා ඒ අයගේ අදහස් අරගෙන ඒ අදහස් අනුව අද ලෝකයේ වෙනස් වන ආර්ථිකයට, සංවර්ධනයට සරිලන පරිදි අපේ රටේ වෙනස්කම් කළ යුත්තේ කොහොමද? ඒ හා සමානව මහින්ද චින්තනය ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන සැලසුම් සකස් කරනවා. පොහොට්ටුව පක්ෂය මගින් ජනතාව එකතු කරලා දේශපාලනිකව බලගතු කරනවා. විද්වතුන් සමග එකතු වෙලා සකස් කරන සැලසුම් ක්‍රියාවට නංවන බව සහතික කරනවා. එදා මහින්ද චින්තනය මගින් දුන් පොරොන්දු ඉටු කළා. පරාජයට පත් කරන්න බැහැ කියූ ත්‍රස්තවාදය පරාජය කළා. ත්‍රස්තවාදයෙන් පසුව රට කෙටි කාලයකින් සංවර්ධනය කළා. එතුමා නැවත වරක් ඔබලාට දෙන පොරොන්දු ඉදිරියටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරනවා. මේ රටේ නොතිබුණු මහාමාර්ග ඇති කළේ, වරාය, ගුවන්තොටුපළවල් ඇති කළේ මේ රටේ සංවර්ධනය වෙනුවෙන්. ඒ නිසා ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් කොපමණ පිරිසක් ඇති වුණාද?
රටක, රජයක වගකීම තමයි ජනතාවට අවශ්‍ය පරිසරය සකස් කරදීම. මේ රටේ ජනතාවට මහින්සි වෙලා වැඩ කරන්න පුළුවන්. ඔවුන්ට නිසි පරිදි වතුර, පොහොර ඇතුළු අවශ්‍ය පහසුකම් ලබාදෙනවා නම් ඔවුන් මේ රට සංවර්ධනය කරන්න ලෑස්තියි. ඒ ජනතාව කෙරෙහි විශ්වාසයක් තිබෙන නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. එදා කැරළි ඇති වුණේ ගම සංවර්ධනය නොවූ නිසයි. අපිට හැකියාව තිබුණා වරායෙන් ආදායම ලබලා ඒ ණය ගෙවන්න. ඒකට සැලසුම් හැදිලා තිබුණේ. ඕනෑම රටකට දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළක් අවශ්‍යයි. ඒ අවශ්‍යතාව දුටුවේ බොහෝම ඈත අතීතයේ ඉඳලයි. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාට පමණයි. අපි ඇති කළ යටිතල පහසුකම්වලින් පවා ප්‍රයෝජන ගන්න මේ රජයට හැකියාවක් තිබුණේ නැහැ. ඒවා විදේශිකයන්ට විකුණා දැම්මා. එවැනි අාදර්ශී පාලනයක් තමයි අද තිබෙන්නේ. එදා නතර වූ සංවර්ධනය, ආර්ථිකය නැවතත් ගොඩනඟන්න අපි සියලූම දෙනා එක්වෙමු.
– චාමින්ද කරුණාරත්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...