උතුරු පළාත් සභාවට නීතිය හා සාමය පිළිබඳ බලතල ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ. සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.
සාමය හා නීතිය පිළිබඳ අමාත්‍යවරයා, පොලිස්පතිවරයා පවා පසුගියදා උතුරේ සංචාරයක නිරත වුවද ඉන් පසුවත් උතුරේ ප්‍රචණ්ඩක්‍රියා සිදුවන බවද උතුරේ නීතිය හා සාමය ස්ථාපිතවීමට නම් දෙමළ භාෂාවෙන් කටයුතු කළ හැකි පොලිස් නිලධාරීන් සේවය සඳහා අනුයුක්ත කළ යුතුව ඇති බවද එහිදී මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.
මන්ත්‍රිවරයා සඳහන් කළේ එසේ නොමැති වුවහොත් පවතින ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීම අපහසු වනු ඇති බවයි.
මෙම කටයුතු ක්‍රියාවට නැංවීමෙහිලා යම් කාලයක් ගත වන බැවින් දිනෙන් දින වැඩිවන ප්‍රචණ්ඩක්‍රියා දෙස බලා නොසිට මේ තත්ත්වය මර්දනය කිරීමට ආණ්ඩුව වහා ක්‍රියාමාර්ග ගත යුතු බවද සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...