දේශීය පුවත්

රණවිරුවන් දඩයම් කරන පනත්වලට පක්ෂව අත ඔසවන කිසිදු මන්ත්‍රිවරයකුට මේ පොළොවේ වැළලෙන්නටවත් අයිතියක් නැති බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය.
එසේ පැවැසුවේ පසුගියදා ජාතික සංවිධාන එකමුතුව රාජගිරියේ පිහිටි එම කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

එහිදී වසන්ත බණ්ඩාර මහතා මෙසේද අවධාරණය කළේය.

ඉතා සූක්ෂ්මව ආණ්ඩුව එක අරමුණකින් පනත් 3ක් අවස්ථා 3කදී ගෙනඑනවා. අතුරුදන් වූවන්ගේ තොරතුරු හොයන්න කියලා අතුරුදන් කිරීම් කාර්යාල පනත ගෙනවා. රෝහණ විජේවීර සොයා ගන්නත් පැමිණිලි කරන්න පුළුවන් කියලා ඒ පනත සම්මත කළා. ඒත් එම පනතේ අරමුණ අර්ධ අධිකරණ කොමිසමක් පිහිටුවා සාක්ෂි ආඥා පනත අදාළ නොවන විධියට තෝරාගත් හමුදා නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමයි.

දරුස්මාන් වාර්තාවට දායක වුණු යස්මින් සුකා වැනි එල්ටීටීඊ හිතවාදී කාන්තාව යුද අපරාධවලට වගකිවයුතු හමුදා නිලධාරීන් 50 දෙනකුගේ නම් තියෙන බව කියා තිබුණා. අතුරුදන් කාර්යාලයේ අරමුණ බොරු සාක්ෂි එකතු කොට තෝරා ගත් හමුදා නිලධාරීන් පිරිසකට චෝදනා ගොනු කිරීමයි. ඒත් සාමාන්‍ය ජනතාව හිතන් ඉන්නෙ අතුරුදන් වූවන් හොයනවා කියලා විතරයි.

හැබැයි ඊට පසුව අතුරුදන් කිරීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කර ඒක දේශීය නීතියට ඇතුළු කරනවා. ඒ පනතේ කොටස් දෙකක් තිබෙනවා. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනතින් චෝදනාවට ලක්වන හමුදා නිලධාරීන්ට විරුද්ධව දේශීය යුද අපරාධ අධිකරණයක දඬුවම් කරන්න අවස්ථාව නිර්මාණය වෙනවා. ඒ පනතින් පිහිටුවන මහාධිකරණයට පුළුවන් අණ දීමේ වගකීම සොයා බලා දඬුවම් කරන්න. මෙවැනි අධිකරණයක් යුද අපරාධ අධිකරණයක් ලෙස සලකන්න පුළුවන්.

එම දෙවැනි පනතින් දේශීය යුද අපරාධ අධිකරණයක් පිහිටුවන අතරම අතුරුදන් වූවන්ගේ කාර්යාලය මඟින් චෝදනාවට ලක්වන රණවිරුවන් පිටුවහල් කිරීමටත් ප්‍රතිපාදන සැලැසනවා. ඒ ප්‍රඥප්තිය පිළිගෙන අස්සන් කරන ලද රාජ්‍යයන් 53ක් තියෙනවා. එම රටකින් අපේ රණවිරුවකු ඉල්ලා සිටියොත් එම රණවිරුවා පිටුවහල් කරන්න අපේ රට බැඳී සිටිනවා. ඒ අනුව අපේ රටේ හමුදා නිලධාරීන් ජාත්‍යන්තර නීතියට ගොදුරු කරනවා. ඒ රට රෝම ප්‍රඥප්තියට අස්සන් කොට තිබුණොත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට වුවත් ඉදිරිපත් කළ හැකියි.

ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් මෙලෙස දඩයම් කරමින් ජාතික ආරක්ෂාව අනතුරේ දමන දේශද්‍රෝහී පනත අපි හෙළා දකිනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More