දේශීය පුවත්

වික්‍රමසිංහ පාලනය තුළ බෙදුම්වාදී මාර්ග සිතියමේ මග සලකුණු පසුකළ ආකාරය පිළිබඳ විස්තීර්ණ සිතියමක් ජාතික සංවිධාන එකමුතුව විසින් අප වෙත එවා ඇත.

පාඨක සංවාදය පිනිස එය ප්‍රසිද්ධ කරන ලෙස එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අප වෙත දන්වා ඇත.

එම සවිස්තරාත්මක ලියැවිල්ල පහළින්…

රනිල්වික්‍රමසිංහපාලනය තුළබෙදුම්වාදී මාර්ග සිතියමේ මඟ සළකුණු හෙවත් තත්වයේ බරපතළකම

ඇමතිවරයෙකු ලෙස:

1. 1987 ජුලි 29 දින අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම අනුව පළාත් සභා නමින් ෆෙඩරල් පානයක් පිහිටුවීමේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට කොන්දේසි විරහිතව සහය දැක්වීම.

අගමැතිවරයෙකු ලෙස:

2. 2002 දී සටන් විරාම ගිවිසුම අත්සන් කර එහි දිගුවක් ලෙස සුඩානය වෙන්කිරීමේදී සිදුකළ අකාරයට තාවකාලික ආණ්ඩුවක් ලබාදීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට උත්සාහ කිරීම.

3. ඉන්දියාවේ සංචාරය කළ අවස්ථා 7කදී (2002.06.11, 2003.10.21,2015.09.16, 2016.10.06, 2017.04.29, 2017.11.24, 2018.10.10) 13 වැනි සංශෝධනය බලාත්මක කරන බවට ඉන්දියානු රජයට පොරොන්දු වීම.

4. 2013 දී බෙදුම්වාදී පක්ෂ සමග 13වැනි සංශෝධනය බලාත්මක කරන බවට බෙදුම්වාදී දෙමළ දේශපාලන නායකයින් සමග සිංගප්පූරුවේදී එකඟතා ගිවිසුමක් අත්සන් කිරීම.(සිංගප්පූරු එකඟතාවය නම් වූ එම ගිවිසුමේ අඩංගු කරුණු 10 ම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විය)

5. 2015දී නව ව්‍යවස්ථාවක් මගින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මුල්කරගෙන සර්වපාක්ෂික ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීම.

6. 2015 – 2019 කාලය තුළ ඔත්තු සේවා නිලධාරීන් සහ ආරක්ෂක හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම. විවිධ චෝදනා යටතේ නඩු පැවරීම සහ ගිරිතලය ඔත්තුසේවා මෙහෙයුම් මධ්‍යස්ථානය වසා දැමීම ආදී ක්‍රියාමාර්ග මගින් ආරක්ෂක හමුදා මානසිකව බිඳ වැට්ටවීම සහ අවසානයේදී පාස්කු ප්‍රහාරයට පවා මඟ පැදීම. (පාස්කු කොමිෂන් වාර්තාව (පිටු 300-308)

7. 2015 දී ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ 30/1 යෝජනාවට පක්ෂව ආරක්ෂක හමුදා යුද අපරාධ සිදු කළ බව ස්තූති පූර්වකව පිළිගැනීම සහ ආරක්ෂක හමුදා නිලධාරීන්ය දඩුවම් කළ යුතු බව පිළිගැනීම.
විපක්ෂ නායකයෙකු ලෙස

8. 2004 දී සුනාමි සහන මණ්ඩලය පිහිටුවීම මගින් උතුරු නැගෙනහිර පළාතට තාවකාලික ආණ්ඩුවක් ලබාදීමට බලපෑම් කිරීම.

9. 2006 න් පසු යුද්ධයේ උච්චතම අවස්ථා වලදී ආරක්ෂක හමුදාවලට එරෙහිව ප්‍රබල විවේචන එල්ල කිරීම සහ යුද ක්‍රියාන්විතයට බාධා කිරීම.
ජනාධිපතිවරයෙකු ලෙස (2022 සිට)

10. බෙදුම්වාදී දෙමළ දේශපාලන පක්ෂවල බලපැම්වලට යටත් වී උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා වටිනාකම් සහිත බෞද්ධ සිද්ධස්ථාන හඳුනාගැනීම, රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණ කිරීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම.

10.1. පුරාවිද්‍යා සිද්ධස්ථාන ගැසට් කිරීම සඳහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අදාළ පනත මගින් ලබා දී ඇති බලය නීතිවිරෝධීව අමාත්‍ය මණ්ඩලය වෙත පවරා ගැනීම.

10.2. බෙදුම්වාදී දේශපාලන පක්ෂ නායකයින් ඉදිරිපිට දී ඔවුන්ගේ ආගම්වාදී ජාතිවාදී ඉල්ලීම් වලට අනුග්‍රහය දක්වමින් නිලධාරීන්ට දොස් පැවරීම සහ බලපෑම් කිරීම මගින් රාජකාරිය ඉටු කිරීම වැළැක්වීම සඳහා ඔවුන්ට මානසික බාධක පැනවීම.

10.3. 1985 ඉඩම් පරිහරණ සැලසුම් අනුව පුරාවිද්‍යා රක්ෂිත හඳුනා ගන්නා ලෙස නියෝග කිරීම මගින් යුද්ධයෙන් පසුව හඳුනා ගත් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන රක්ෂිත භූමි ලෙස ගැසට් කිරීම වැළැක්වීම.

10.4. පුරාවිද්‍යා රක්ෂිත සහ වන රක්ෂිතවලින් බෙදුම්වාදී දේශපාලන නායකයින්ගේ බලපෑම මත නීතිවිරෝධීව ඉඩම් නිදහස් කිරීම.

10.5. පුරාවිද්‍යා රක්ෂිත ආශ්‍රිත බෞද්ධ සිද්ධස්ථාන වැඳුම් පිඳුම් කිරීම සඳහා පුද්ගලික දානපතියන්ගේ අරමුදල් යොදවා පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සංරක්ෂණය කිරීම තහනම් කිරීම.

10.6. සංරක්ෂණය කෙරමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සහ අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා යොදවා තිබූ හමුදා පිරිස් බලය ඉවත් කිරීමට නියෝග කිරීම.

11. යුද හමුදා පිරිස් බලය දළ වශයෙන් ලක්ෂ 2ක ප්‍රමාණය ලක්ෂ 1ක් දක්වා අඩු කිරීමට එකඟ වීම සහ ඊට සමගාමීව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු සහ පිරිස් බලය අඩු කිරීම සඳහා එකඟවීම. ඊට අමතරව ආබාධිත රණවිරුවන්ගේ සලක දීමනා සහ ඔවුන්ගේ මරණයෙන් පසු භාර්යාවන්ට විශ්‍රාම වැටුප් ලබාදීම අත්හිටුවීම ආදී ක්‍රියාමාර්ග මෙන්ම සේවයේ නියුක්ත නිලධාරීන්ගේ වරප්‍රසාද කපා හැරීම සහ වසර 18කින් විශ්‍රාම ගැන්වීම මගින් ආරක්ෂක හමුදා පිරිස් බලය අඩු කිරීම සහ ඔවුන්ගේ මානසික ශක්තිය දුර්වල කිරීම.

12. මහවැලි අධිකාරි පනත අහෝසි කිරීම මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල 40%ක් පමණ වන ඉඩම් බෙදුම්වාදී දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයට පරිහරණය කිරීම පිණිස නිදහස් කිරීම සඳහා යෝජනා කිරීම.

13. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට සමස්ත රටටම නිල ප්‍රකාශයක් සිදුකිරීම. (මීට පෙර ජනාධිපතිවරුන් 7 දෙනෙකු විසින් එවැනි විවෘත ප්‍රකාශයක් සිදු කර නැත)

14. 13වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන බවට සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයාට පොරොන්දු වීම සහ ඉන්දීය අගමැතිවරයා සමග සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීම.

15. 2023 ජුලි 21 දින ඉන්දියානු සංචාරයේ දී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ ආර්ථිකය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා අවශ්‍ය කොන්දේසි ඉටු කිරීමට එකඟවීම. ඒ මගින් 1932 සර්දාර් පනික්කාර් න්‍යාය අනුව ශ්‍රී ලංකාව ගිවිසුම මගින් ඉන්දියාවේ අර්ධ යටත් විජිතයක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය කූටප්‍රාප්තියට පත්වේ. එනම් 1987 ජූලි 29 දින අත්සන් කළ ඉන්දු-ලංකා සාම ගිවිසුම මගින් ආරම්භ කළ ක්‍රියාවලිය 2023 ජූලි 21 දින එකඟතාවය මගින් කූටප්‍රාප්තියට පත්වේ. එහි අවසාන භූ දේශපාලන අරමුණ ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්කිරීම වන අතර එහි දෙවන පියවර ඊළාම් රාජ්‍යය බිහි කිරීම මගින් 30 වැනි ප්‍රාන්තයද බිහිකිරීමය.

එම එකඟතාවය මගින් සිදු කෙරෙන ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික ඒකාබද්ධකරනය පහත සඳහන් පරිදි වේ.

15.1. සමුද්‍රීය සම්බන්ධතාවය – ත්‍රිකුණාමලය, කොළඹ, කන්කසන්තුරය ආදී වරායවල යටිතල පහසුකම් සංවර්ධනය, මගී ප්‍රවාහන ආදිය මගින් ඒ ආශ්‍රත ඉන්දියානු ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට ඉඩ සැලසීම.

15.2. ගුවන් සබඳතාවය – යාපනය – චෙන්නායි ගුවන් සේවා තවදුරටත් වර්ධනය කරන අතර මඩකලපුව, ත්‍රිකුණාමලය ගුවන් සේවා ආරම්භ කිරීම සහ මත්තල ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය අත්පත්කර ගැනීම මගින් ගුවන් සේවා ආශ්‍රිතව ඉන්දියානු ආධිපත්‍ය වර්ධනය කරගැනීමට ඉඩ සැලසීම.

15.3. බලශක්තිය සහ විදුලි ක්ෂේත්‍රයේ සහයෝගීතාවය – ඒ යටතේ ඉන්දියාවේ සිට ඛනිජතෙල්, ගෑස් සැපයුම සඳහා මුහුද යටින් නල පද්ධතියක් එලීම, විදුලි පද්ධති ඒකාබද්ධ කිරීම සඳහා මුහුදු යටින් කේබල් එළීම සහ සාම්පූර් සූර්ය බලව්‍යාපෘතිය මෙන්ම මන්නාරම සුළං බල ව්‍යාපෘතිය මගින් සුනිත්‍ය බල සැපයුම තුළ බලවත් කොටසක් ඉන්දියාව විසින් අත්පත් කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් ගවේෂණයේ ඒකාධිකාරීය අත්පත් කර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉන්දියාවේ අනුකම්පාවට යටත් කිරීම (ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව තෙල් ටැංකි සංකීර්ණය අත්පත් කර ගැනීම සහ ඊට අදාලව පිරිපහදුවක් ආරම්භ කිරීම ද ඊට අයත් වේ.)

15.4. වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය සහයෝගීතාවය – ශ්‍රී ලංකාවේ රජය සතු ව්‍යාපාරවල කොටස් අත්පත් කර ගැනීම, විකුණා දමන ආයතන වන රක්ෂණ සංස්ථාව, ටෙලිකොම් සහ ගුවන් සමාගම ආදිය මිලදී ගැනීම සහ ෑඔක්‍් ගිවිසුම අත්සන් කිරීම මගින් භාණ්ඩ සහ සේවා වෙළදපල ඉන්දියානු ආධිපත්‍යයට යටත්කිරීම මෙන්ම ඉන්දියානුවන්ට රක්ෂා කිරීම සහ වෙළඳාම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ සැලසීම, ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට ඉඩ සැලසීම, (මූල්‍ය ඒකාබද්ධ කරණය) ආදිය මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය ඉන්දියානු ආර්ථිකයේ කොටසක් ලෙස පරාධීනත්වය ට ලක් කිරීම. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ආයෝජන කලාපය ඉන්දියානු සමාගම් විසින් අත්පත් කරගැනීම සහ ඩිජිටල් යටිතල පහසුකම් සැපයීම මගින් ශ්‍රී ලංකාවේ තොරතුරු පද්ධති වලට ඇතුළුවීමට ඉඩ සැලසීම ද ඊට අයත් වේ. (මීට පෙර බැසිල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය ආශ්‍රිතව ආවේක්ෂණ ක්‍රියාවලිය ඉන්දියානු නාවික හමුදාවේ මැදිහත්වීම යටතේ සිදු කිරීම සහ අදාළ ඔත්තු සේවා තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

15.5. පුද්ගල – පුද්ගල සම්බන්ධය සහ භූගෝලීය සම්බන්ධය – ඉන්දියානු දුම්රිය පද්ධතිය ත්‍රිකුණාමලය දක්වා දීර්ඝ කිරීම සහ තලෙයිමන්නාරම හරහා ගොඩබිම මාර්ගයක් ඉදිකිරීම මගින් ෑඔක්‍් ගිවිසුම හරහා රට තුළට පැමිණෙන ඉන්දියානුවන්ට සහ “රාමායණ සංචාරක” වැඩසටහන මඟින් උඩරට වතුකරයට පැමිණෙන ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාව තුළ බලපෑම් සහගත භූමිකාවක් සඳහා අවස්ථාව සැලසීම.

16. 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තිබෙන ප්‍රතිපාදන ඉක්මවා යමින් වැඩි බලතල ප්‍රමාණයක් පළාත් සභාවලට ලබා දෙන ආකාරයට එනම් 13ූ ලබාදීම සඳහා උතුරේ දෙමළ පක්ෂ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීම. රහසිගත ලියවිල්ලක් ලෙස පවතින කොන්දේසි 15ක් අඩංගු න්‍යාය පත්‍රයකට අනුව පහත සඳහන් වරදාන බෙදුම්වාදීන්ට ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇත.

16.1. ව්‍යවස්ථාවේ අඩංගු පළාත් බලතල ලයිස්තුවට ඇතුළත් සියලු බලතල ක්‍රියාත්මක කිරීමට කිරීමට ඉඩ සැලසීම සහ පොලිස් බලතල එසේම තිබියදී නාමිකව ආයුධ සන්නද්ධ නොකිරීම වැනි ව්‍යාජ ආවරණයක් ලබා දීම මගින් අදාළ ක්‍රියාමාර්ගයේ බරපතළ කළ සැඟවීම.

16.2. සමගාමී ලැයිස්තුවේ අඩංගු තෝරාගත් බලතල ප්‍රමාණයක් එම ලැයිස්තුවෙන් ඉවත් කර පළාත් ලැයිස්තුවට ඇතුළු කිරීම. ඒ මගින් එම බලතල වලට අදාලව මධ්‍යම රජයේ බලය අත්හැරීමක් සිදුවේ. (ඒ මගින් 13 වැනි සංශෝධනය මගින් පළාත් වලට ලබාදී නොතිබූ බලතල ප්‍රමාණයක් පළාත් සභාවට ලබා දීම සිදුවේ. එනම්, 13ූ ලබාදීම සිදුවේ.)

16.3. එම කොන්දේසි අතරින් පළමුවැන්න වන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ලබාදෙන බලතල සහතික කිරීම යන කොන්දේසිය සපුරා ගැනීම සඳහා අනාගත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එම බලතල වෙනස් කළ නොහැකි ආකාරයට ප්‍රතිපාදන පැනවිය යුතුය. එනම් අනාගත සංශෝධනයකදී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බවට ප්‍රතිපාදන පැනවෙනු ඇත.

16.4. ඊට අමතරව නීති පැනවීම මගින් සමගාමී ලැයිස්තුවේ අඩංගු බලතල වලට අදාලව පළාත් බලය තහවුරු කිරීම සඳහා මධ්‍යම රජයේ බලය දුර්වල කිරීම. (ඒ මගින් පහත සඳහන් බලතල පළාත් සභාවලට ලැබෙනු ඇත.)

i. අධ්‍යාපන ලයිස්තුවේ අඩංගු සියළු බලතල

ii. ප්‍රාදේශීය ලේකම්වරුන් පත් කිරීමේ බලතල

iii. පළාත් වෘත්තීය අධ්‍යාපන සහ තාක්ෂණික පුහුණු කොමිෂන් සභා පත් කිරීම මගින් පුද්ගලික සහ රාජ්‍ය ආයතන පිහිටුවීම.

iv පළාත් සභා මගින් විශ්වවිද්‍යාල කොමිෂන් සභා පත් කිරීම මගින් පුද්ගලික සහ රාජ්‍ය විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල විශේෂයෙන්ම පුද්ගලික වෛද්‍ය පීඨ පිහිටුවීමට බලතල ලබාදීම.

v පළාත් සභා මගින් දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම

vi පළාත් සංචාරක මණ්ඩල මගින් සංචාරක සේවා සැපයීම (දෙමළ ඩයස්පෝරාවට හෝටල් සෑදීම සඳහා ඉඩම් ලබාදීම ආදිය ඊට අයත් වේ.)

vii පළාත් කර්මාන්තපුර ඇති කිරීම.

viii පුරාවිද්‍යා ආඥා පනත, වනජීවි පනත, වන සංරක්ෂණ පනත, මහවැලි අධිකාරි පනත වැනි මධ්‍යම රජයේ පනත් දුර්වල කර පළාත් බලතල ශක්තිමත් කිරීම සඳහා නීති පැනවීම.

ix ගොවිජන සේවා පනත සහ මධ්‍යම රජයේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවරෙන නීති දුර්වල කර පළාත් බලතල ශක්තිමත් කිරීම. ඒ මගින් පළාත් ගොවිපලවල්, බීජ වැඩසටහන් සහ ගොවිජන සේවා, විශේෂයෙන්ම ගොවීන්ට ඉඩම් බෙදා දීම ආදී බලතල පළාත් සභාවලට ලැබෙනු ඇත.

17. සත්‍ය සෙවීමේ සහ ප්‍රතිසන්ධාන කොමිසම පිහිටුවීමට එකඟ වීම. මෙම යාන්ත්‍රණය දකුණු අප්‍රිකාවේ මෙන් ඊනියා සත්‍ය සෙවීම සඳහා පමණක් යොදා ගන්නා කොමිසමක් නොවේ. ඊට ප්‍රතිසන්ධානය යටතේ වඟවීම සහ නැවත ගැටුම් ඇති නොවීම යන ක්‍රියාමාර්ග ද අයත් වේ. ඒ අනුව ගැටුම් නැවත ඇති නොවීම යටතේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමට අදාළ මැදිහත්වීම සිදු කිරීමට හැකියාව ලැබේ. එහිදී තත්ත්වය වඩා බරපතළ වන්නේ සත්‍ය සෙවීමේ කොමිසම තුළ ජාත්‍යන්තර නියෝජනයක් තිබෙන බැවිනි. රට තුළ සිටිමින්ම 13 බලාත්මක කිරීමේ ගැටලුවලට ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදු කිරීමේ හැකියාව ලැබේ.

18. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කිරීම. ඒ අනුව මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වැරදිකරුවන් වූ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබීය. (නමුත් මේජර් අජිත් ප්‍රසන්න වැනි අහිංසකයින් නිදහස් කිරීමට ජනාධිපතිවරයාට සිතක් පහළ වන්නේ නැත.) එසේම ඊට පෙර ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට කටයුතු කළ නාවික හමුදා, යුද හමුදා නිලධාරීන් මෙන්ම ඔත්තු සේවා නිලධාරීන් විවිධ චෝදනා යටතේ සිරගත කිරීමට අගමැතිවරයා ලෙස ප්‍රමුඛතාවය දෙනු ලැබීය.

19. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍රස්ත විරෝධී පනතක් සම්මත කිරීම. ඒ මගින් බෙදුම්වාදී ත්‍රස්තවාදය හෝ ආගමික ත්‍රස්තවාදයට වඩා එදිනෙදා උද්ඝෝෂණ වල යෙදෙන පිරිස් මර්දනය කිරීමට අපේක්ෂා කරන බව පැහැදිලිව පෙනේ. ඊට අමතරව එමගින් දැනට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බෙදුම්වාදී ත්‍රස්තවාදීන් නිදහස් කිරීමට ද අවස්ථාව නිර්මාණය වේ.

20. ඉඩම් කොමිසම් ප්‍රතිපත්ති පනතක් මගින් සහ 1985 ඉඩම් පරිහරණ සැලසුම් අනුව අවශේෂ වනාන්තර ඉඩම් නිදහස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් පළාත් ඉඩම් ප්‍රඥප්තිය අනුව පළාත් ඉඩම් බෙදුම්වාදීන්ට අවශ්‍ය ආකාරයට බෙදා ගැනීම සඳහා පහසුකම් සැලසීම.

ඉදිරියේදී ජනාධිපතිවරණය දක්වා බෙදුම්වාදීන් සතුටු කිරීම මගින් ඔවුන්ගේ ඡන්ද කුට්ටිය ලබාගැනීම සඳහා මෙම ලැයිස්තුව තව බොහෝ දීර්ඝවන බව ඉතා පැහැදිලිය. බහුතර සිංහල බෞද්ධ ජනතාව නිද්‍රාවට පත්වී සිටින තත්වයක් තුළ බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී බලවේගවල සහයෝගයෙන් වත්මන් ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් ඊළම දක්වා වන මඟ සළකුණු ඉතා සීග්‍රගාමීව පසු කෙරෙන බවට කිසිදු සැකයක් නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More