දැනට පවතින නියඟය හේතුවෙන් ඉදිරියේ දී ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහා වගා කළ හැකි සෑම ඉඩමකම කෙටිකාලීන ආහාර බෝග වගා කිරීමට ගොවීන් උනන්දු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට මෙන්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් උපදෙස් ලබා දී තිබේ.
මෙහිදී අතරමැදි කන්නයේ මුං ඇට හා කව්පි වගාවට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
යල කන්නයේ අස්වනු නෙලා ගත් වහාම අතරමැදි කන්නය සඳහා අතිරේක ආහාර බෝග වගාවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට ලබාදී ඇති උපදෙස් වල සඳහන් ය.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවල ප්‍රගතිය විමසීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන රැස්වීමකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...