දේශීය පුවත්

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අනුරාධපුර, තඹුත්තේගම දී මන්ත්‍රීවරුන් හෑල්ලුවට ලක්‌ කරමින් කළ කතාව පිළිබඳව ඌව පළාත් සභාවේ පක්‍ෂ විපක්‍ෂ සියලුම මන්ත්‍රීවරුන් ඊයේ (23 දා) දැඩි විරෝධය දැක්‌වීම හේතුවෙන් එම ප්‍රකාශය ගැන සමාව ගැනීමට මහ ඇමැතිවරයාට සිදුවිය.

ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා අස්‌විය යුතු යෑයි මන්ත්‍රීවරුන් සභාපතිවරයාට ඉදිරිපත් කළ යෝජනාව නියමිත අත්සන් ප්‍රමාණය නොමැති නිසා සභාපතිවරයා ප්‍රතික්‌ෂේප කළේය.

අනුරාධපුර, තඹුත්තේගම පැවැති ප්‍රසිද්ධ රැස්‌වීමකදී කළ ප්‍රකාශයක්‌ නිසා පළාත් සභාවේ සියලු මැති ඇමති වරුන් හෑල්ලුවට හා අවමානයට ලක්‌ වී ඇති බැවින් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය සභාව පිළිකුලෙන් ප්‍රතික්‌ෂේප කරන බවත්, මේ පිළිබඳව අල්ලස්‌ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්‌ෂණ පැවැත්විය යුතු බවත් මෙම ප්‍රකාශය කළ ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අපගේ විරෝධය දැක්‌විය යුතු බවටත් ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ගෙන ආ යෝජනාව පිළිබඳව ඡන්දය විමසන ලදුව යෝජනාවට පක්‌ෂව ඡන්ද 06 ක්‌ද යෝජනාවට විරුද්ධව ඡන්ද 11 ක්‌ද ලැබීම නිසා යෝජනාව ප්‍රතික්‌ෂේප විය.

මේ අවස්‌ථාවේදී ආණ්‌ඩු පක්‌ෂයේ පළාත් සභා මන්ත්‍රී සහ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්‌ෂ මහතාත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය ආර්.එම්. කුමාරසිරි මහතාත්, ඌව පළාත් සභා මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශය නිසා තමන් හෑල්ලුවට පත් වූ බව කියමින් ආණ්‌ඩු පක්‌ෂයේ සිට නැගිට ගොස්‌ ඔල්වරසන් මැද විපක්‌ෂයේ අසුන් ගත්හ.

ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න (ජ.වි.පෙ) මහතා විසින් මෙය වැදගත් කරුණක්‌ නිසා සභාවේ වැඩ කටයුතු නවත්වා සභා රීති 86/90 යටතේ අත්හිටුවා කටයුතු කළ යුතු බව යෝජනා කරන ලදුව එම යෝජනාව පළාත් සභා මන්ත්‍රී ආර්. එම්. ජයවර්ධන මහතා විසින් ස්‌ථිර කරන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More