ශ්‍රී දළදා වහන්සේ උදෙසා පවත්වන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයට පැවරීමේ පුරාතන චාරිත්‍රය අද (02දා) පස්වරුවේ දළදා මැදුරේදී සිදු කිරීමට නියමිතය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාර්ෂික චාරිත්‍රය සිදු කෙරේ.
වාර්ෂික වස් එළඹීම කෙරෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදින මේ තේවා මාරුව සිදු වන අතර පසුගිය වසරේ ඇසළ පුන් පොහෝ දිනයට පසුදින සිට වසරක් අස්ගිරි මහා විහාර පාර්ශ්වය මගින් දළදා වහන්සේ උදෙසා තේවා කටයුතු සිදු කරනු ලැබීය.
ඉංග්‍රීසි පාලන සමයේ දළදා වහන්සේගේ පැවිදි භාරකාරීත්වය මහා විහාර දෙකේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පවරා දීමෙන් පසු ඇති කර ගත් එකඟතා අනුව තේවා කටයුතු වසරක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් චාරිත්‍ර කටයුතු ඉටු කරනු ලබති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...