සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (03) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින කැඳවූ විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.
ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ සහ වෘත්තිය සමිති ආඥා පනත පනතට අදාලව වෘත්තිය සමිති නායකයන් සඳහා ඇති අනුග්‍රහයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සඟවා ඇති බව වෘත්තිය සමිති පාර්ශ්වයෙන් යොමු කළ බවත් ආයතන සංග්‍රහයට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේදී ආයතනවල ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය උල්ලංගනය නොවන ආකාරයට එම චක්‍රලේඛය නිකුත් කර ඇති මෙන්ම ඒ අයිතිය වෘත්තිය සමිතිවලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළ බවද රවි කුමුදේශ් මහතා කීය.
එසේම වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ඉල්ලා සිටි බවද කී කුමුදේශ් මහතා මේ පිළිබඳව වෘත්තිය සමිති සහ සෞඛ්‍යය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණීම හේතුවෙන් හෙට දවසේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට වෘත්තීය සමිති කමිටුව තීරණය කළ බවද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...