දේශීය පුවත්

ජල ගාස්තුව වැඩිවෙයි

August 3, 2023 7:11 am | Lanka Lead News

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති අතර, අගෝස්තු මස පළමු දින සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මෙම ජල ගාස්තු සංශෝධනය මගින් ජල ගාස්තු ඉහළ දමා ඇති අතර, පරිහරණය කරන ඒකක ප්‍රමාණය අනුව එම ගාස්තු වැඩිවීම සිදුවෙයි.

කෙසේවෙතත් සමෘද්ධිලාභීන්ගේ සහ වතු නිවාසවල ජල ගාස්තු ඉහළ දැමීමක් මෙවර ගාස්තු සශෝධනයේ දී සිදුකර නොමැති බවත් වාර්තා වේ.

අනෙක් සෑම ක්ෂේත්‍රයක් සඳහාම වන ජල ගාස්තුව ඉහළ දමා ඇති අතර ගෘහස්ථ ජල ගාස්තුව ද මුල් ඒකක 05 සඳහා රුපියල් 20ක් වු ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේ දී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දමා තිබේ.

පොදු ජල කරාම, උද්‍යාන ජල කරාම, රජයේ පාසල්, ආගමික ස්ථාන,රජයේ අනුමත පුණ්‍යායතන, රජයේ ආයතන සහ රජයේ රෝහල්වල ජල ගාස්තුව ද මෙවර ගාස්තු සංශෝධනයේ දී ඉහළ දමා තිබීම විශේෂත්වයකි.

ජල ගාස්තුවලට අමතරව පාරිභෝගිකයින්ගේ මලාපවහන ගාස්තු ද අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

අදාළ ගාස්තු සංශෝධනය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More