අක්ෂි කාච මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී එක් සමාගමකට වාසි වන අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කටයුතු කර ඇතැයි චෝදනා කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානය හා අල්ලස සහ දූෂණය නාස්තියට එරෙහි ජාතික පෙරමුණ ඊයේ (ජූලි 2) පොලිස්පතිවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිලි සිදු කර තිබේ.
අක්ෂි කාච ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මිල දී ගැනීම සඳහා වූ මෙම ප්‍රසම්පාදනයේදී රුපියල් බිලියනයකට ආසන්න මුදලක් වැය කෙරෙන බැවින් පුළුල් පරීක්ෂණයක් පවත්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය නැවත ආරම්භ කරන්නැයි එම සංවිධාන සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී මිලෙන් අඩු ලංසු ලබාදුන් සමාගම්වල සාම්පල ලබා ගැනීමට පවා අවස්ථාව නොදී මිලෙන් වැඩි ලංසු ඉදිරිපත් කළ සමාගම්වලට වාසි සහගත ලෙස කටයුතු කළ බව බැලූ බැල්මට පෙනී යන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...